අපි මේ කියන්න හදන්නේ ඔයාට අවම මුදලකින් සංචාරය කරන්න පුළුවන් සුන්දර රටක් ගැන. ඒ තමයි වියට්නාමය. වියට්නාමය කියන්නේ ලාභම ආසියානු රටවලින් එකක්.
පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් වල වෙරළ තීරයන් තරමටම සුන්දර වෙරළ තීරයන් නොතිබුණත් රසවත් ආහාර, ස්වභාව සෞන්දර්ය සහ සංස්කෘතික ලක්ෂණ අතින් විශ්මයජනක ගමනාන්තයක් ලෙස වියට්නාමය හඳුන්වන්න පුළුවන්.
වියට්නාමයේ සංචාරය කරන්න යන cost එක සාපේක්ෂව ගොඩක් අඩුයි. ඩොලර් කිහිපයක මුදලකට දේශීය ආහාර ඉතාම ලාභාදයීව ලබාගන්න පුළුවන්. ඒ වගේම දේශීයව පෙරන ලද බියර් වීදුරුවකට USD 0.25 ක් වගේ සුළු මුදලක් තමයි වැය වෙන්නේ.
රාත්‍රියකට USD 14 ක් වගේ සුළු මුදලකට පිරිසිදු හා සුවපහසු ස්ථානයක් නවාතැන් සඳහා ලබා ගන්න පුළුවන්. ඔයා backpacker කෙනෙක් වුණත් පහසු මුදලකට නිවාඩුවක් ගත කරන්න තැනක් හොයනවානම් වියට්නාමය කියන්නේ ඔයාට ගැලපෙනම රටක්.
සුන්දර වටපිටාවක් සහිත උතුරු පළාතේ Ha Giang වගේම හුණුගල් භූ දර්ශන සහිත Tam Coc වෙත යන්නද අමතක කරන්න එපා. ඒ වගේම Phong Nha නගරයත් අපූරු වගේම ත්‍රාසජනක සංචාරයකට ගැලපෙන ගුහා රැසක් සහිත ලස්සන ප්‍රදේශයක්. මෙහෙ යන ඔයාට ලෝකයේ තුන්වන විශාලතම ගුහාව තුළ කඳවුරු බඳින්නත් පුළුවන්.
backpacker කෙනෙක්නම් දවසකට යන්නේ $40 ක් වගේ Budget එකක්. ඔයා Mid-range Budget එකකට travel කරන්න හිතනවානම් දවසකට ඔයාට $40 ක් වගේ මුදලක් වය වෙනවා.
ඔයා ය යුතුම තැන විදිහට Ha Long බොක්ක, Hoi An, වගේම Hanoi හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම වියට්නාමයේ peak season එක වෙන්නේ නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය. අප්‍රේල් සිට ජුනි දක්වා කාලය වගේම සැප්තැම්බර් – ඔක්තෝම්බර් කාලයත් shoulder season එක විදිහට හඳුන්වන්න පුළුවන්.