යක්‍ෂයෙකුට සමාන මී මැස්සෙක් ඕස්ට්‍රේලියාවෙන්

  • Home
  • /
  • Blog
  • /
  • යක්‍ෂයෙකුට සමාන මී මැස්සෙක් ඕස්ට්‍රේලියාවෙන්

බටහිර ඕස්ට්‍රේලියාවේ Goldfields වලින් කුඩා යක්ෂයෙකු වැනි අං සහිත නව මී මැසි විශේෂයක් සොයාගෙන ඇති අතර, එමඟින් රටේ ස්වදේශික පරාග වාහකයන් පිළිබඳව අලුත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Megachile (Hackeriapis) lucifer ලෙස නම් කර ඇති මෙම අලුතින් හඳුනාගත් විශේෂය, Norseman සහ Hyden නගර අතර Bremer Range කලාපයේ පමණක් වර්ධනය වන දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති Marianthus aquilonarius නමැති වන මල් විශේෂයක් පිළිබඳව කළ සමීක්ෂණයක් අතරතුර සොයා ගෙන තිබෙනවා. Australian Pollinator Week එකේදී Journal of Hymenoptera Research  මේ විශේෂය නව මී මැස්සෙකු ලෙස විස්තර කර දී තිබෙනවා.

Curtin විශ්ව විද්‍යාල School of Molecular and Life Sciences හි අනුබද්ධ පර්යේෂණ සගයෙකු වන Kit Prendergast නම් ප්‍රධාන කතුවරිය පැවසුවේ ගැහැණු මී මැස්සන්ගේ සුවිශේෂී අං සහිත මුහුණ එහි ‘lucifer’ යන නමට ආභාෂය ලබා දුන් බවයි. lucifer යනු, ලතින් භාෂාවෙන් “ආලෝකය ගෙන එන්නා” යනුවෙන් ද අර්ථ දැක්වෙනවා.

“ගැහැණු සතාගේ මුහුණේ මේ ඇදහිය නොහැකි කුඩා අං තිබුණා. නව species description එක ලියන කාලේ මම ‘Lucifer’ කියන Netflix show එක නරඹමින් හිටියා. ඒ නම හරියටම ගැළපුණා. මමත් Netflix චරිතයක් වන Lucifer ගේ ලොකු රසිකයෙක්” යනුවෙන් Prendergast පැවසුවා.

Image credit: people.com 

Don't forget to share this post!

Recent Posts

733
December 28, 2025