North Sydney Boys High School එකේ පන්ති කාමරයකින් පිහියක් රැගෙන පිටව ගිය බවට චෝදනා එල්ල වන 15 හැවිරිදි සිසුවෙකුට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්‍රහස්පතින්දා දහවල් 12.40 ට පමණ North Sydney හි Falcon වීදියේ පිහිටි උසස් පාසලකට පොලිසිය කැඳවා තිබෙනවා.
පන්ති කාමරයක සිසුන් දෙදෙනෙකු අතර ආරවුලක් ඇති වූ බවත්, එක් සිසුවෙකු පිහියක් ළඟ තබාගෙන පිටව ගිය බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස නිලධාරීන් මෙම තරුණ සිසුවා සොයමින් සිටින අතරතුරදී පාසල lockdown කර තිබෙනවා.
අවසානයේ පොලිසිය ඔහුව සොයා ගත් අතර, අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු යටත් කර ගැනීමට taser එකක් භාවිතා කර තිබුණා.
පසුව එම ශිෂ්‍යයා රෝහලට ගෙන ගිය අතර, පස්වරු 1.30 ට පසුව lockdown එක ඉවත් කර තිබෙනවා.
NSW අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු දක්වා තිබුණේ පූර්වාරක්ෂාවක් ලෙස lockdown තත්ත්වය ක්‍රියාත්මක කළ බවයි.
සියලුම සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත වන අතර, සිසුන් පස්වරු 1.30 න් පසු පන්ති නැවත ආරම්භ කළත් ඔහු පවසා තිබුණා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.