නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න

  • Home
  • /
  • Blog
  • /
  • නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න

ඔයා ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් නවාතැන් ගන්න කුලියට නිවසක්/ කාමරයක් හොයනවනම් සලකා බැලිය යුතු ගොඩක් දේවල් ගැන අපි articles කිහිපයකින්ම කතා කළා. එකේදී වැදගත් වෙන; 

1 . Listings 

කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න: https://sannasa.com.au/archives/9404 

2 . Bond 

කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න: https://sannasa.com.au/archives/9489 

3 . Entry condition report

කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න: https://sannasa.com.au/archives/9550 

ආදී දේවල් වලට සම්බන්ධ නීතිමය කරුණු ගැන වගේම ඔයා දැනගෙන සිටිය යුතු වෙනත් දේවල් ගැනත් අපි විස්තරාත්මකව කිව්වා. මේ දේවල් පිලිබඳ අවබෝධය වගේම නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා වගේම ඔයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් උදව් වෙනවා. 

දැන් අපි කතා කරමින් ඉන්නේ කුලී නිවැසියෙක් විදිහට ඔයාගේ අයිතිවාසිකම් පිළිබඳව. ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයකට ඇති අයිතිය සහ පෞද්ගලිකත්වයේ අයිතිය ගැන අපි කතා කළා. 

කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්: https://sannasa.com.au/archives/9648 

අද අපි බලමු ඔයා කුලියට ඉන්න නිවසේ/ කාමරයේ කුලී ගිවිසුම අවසන් කරන්න, එහෙමත් නැත්නම් එම නිවසෙන් ඉවත් වෙන්න ඔයාට තිබෙන අයිතිය ගැන.

කුලී ගිවිසුම/ tenancy එක අවසන් කිරීමේ අයිතිය

ඕනෑම අවස්ථාවක ඔයාගේ tenancy එක අවසන් කිරීමට ඔයාට අයිතියක් තිබෙනවා. මේ සඳහා බලපාන්න පුළුවන් හේතු 2ක් තිබෙනවා;

1 . ඔබේ ඉඩම් හිමියා (landlord), lease agreement එකේ කොන්දේසියක් උල්ලංඝනය කර ඇති අවස්ථාවක 

මේ වගේ අවස්ථාවක ගැටළුව විසඳීමට හෝ ගාස්තු නොගෙවා නිවසෙන් පිටව යාමට අවශ්‍ය උපකාර ලබාගන්න පුළුවන්. ඒ සඳහා පහතින් දක්වා තිබෙන list එකෙන් ඔයාගේ state එක හෝ territory එකට අදාළ කුලී අයිතිවාසිකම් ආයතනය (rental rights body) අමතන්න.

2 . පෞද්ගලික හේතුවක් නිසා: 

මේ වගේ අවස්ථාවක lease එක කලින් කඩ කිරීම සඳහා ඔයාට ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. lease එක කඩ කිරීම සඳහා ගෙවිය යුතු ගාස්තුව ඔයාගේ කුලී ගිවිසුමේ නියමයන් මත රඳා පවතිනවා. ඒ නිසා අත්සන් කරන්න කලින් අනිවාර්යයෙන්ම rental agreement හොඳින් කියවන්න. rental agreement එක නියමිත කාල සීමාවක් සඳහා අත්සන් කර තිබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, වසරක් සඳහා. නියමිත දිනයක මාසයෙන් මාසයට ගිවිසුම අලුත් වීම වගේ ඔයාගේ ගිවිසුමේ එය අලුත් කිරීම සඳහා වන විකල්ප තිබෙන්න පුළුවන්.

ඔයා සිටින නිවසේ හිමිකරුට tenancy එක කලින් අවසන් කිරීමට අයිතියක් තිබිය හැකියි. උදාහරණයක් විදිහට, ඔවුන්ට නිවස විකිණීමට හෝ අලුත්වැඩියා කටයුත්තක් කිරීමට අවශ්‍ය විය හැකියි. ඒ නිසා මේ සඳහා අදාළ වෙන නියමයන් මොනවාද කියන එක ඔයාගේ rental agreement documents පරීක්ෂා කරලා දැන ගන්න.

ඔබේ ගිවිසුම් කාලය අවසන් වන විට, lease එක අලුත් කිරීමට අකමැති නම්, නිවාස හිමියා ඔයාට දින 30කට පෙර ඒ ගැන දැනුම් දීමක් කළ යුතුයි.

ඔයාගේ ගැටලුව කෙලින්ම විසඳා ගන්න නොහැකි නම්, උදව් ලබා ගන්න පුළුවන් කුලී නිවැසියන්ගේ unions සහ පාරිභෝගික උපදේශකයින් වැනි සංවිධාන තිබෙනවා. එක එක state සහ territory වලට අදාළ Fair Trading government agency වල link කිහිපයක් පහතින් දක්වා තිබෙනවා. ඒ මගින් ඔයාට උදව් ලබාගන්න පුළුවන්.

ඒ වගේම ඔයා අධ්‍යාපනය ලබන ආයතනයෙන් හෝ ඔයාගේ local state හෝ territory government එකෙන් run කරන ඔයාට ළඟම තිබෙන study centre එකෙනුත් උදව් ලබාගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025