කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන්න සපුරාලිය සුදුසුකම් මොනවද කියලා.
ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්: https://sannasa.com.au/archives/9600
අද අපි බලමු විවාහයක් ලියාපදිංචි කරන්න අයදුම් කරන ආකාරය.
අයදුම් කරන ආකාරය
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ counter එකෙන් අයදුම් කිරීම: ඔවුන්ගේ වෙබ් අඩවිය වන slcgmel.org හරහා appointment එකක් ලබා ගැනීමෙන් පසු, ඔබට විවාහ දැන්වීම (Notice of Marriage) එහි ගොස් පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට පමණක් අවස්ථාව ලැබෙනවා.
ඔයාට ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව. 9.30 සිට ප.ව. 1.30 දක්වා appointment එකක් ලබා ගන්න පුළුවන්.
Notice of Marriage ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔයා විවාහ ලියාපදිංචි කිරීමට සැලසුම් කරන දිනය සහ වේලාව ඔවුන් වෙත දැනුම් දිය යුතුයි.
එහි කවුන්ටරයෙන් විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඔයාට application එක submit කරන්න පුළුවන්.
තැපෑලෙන් අයදුම්පත ඉදිරිපත් කිරීම:
විවාහ ලියාපදිංචි කිරීම සඳහා තැපැල් මගින් ලැබුණු දැන්වීම් පිළිගන්නේ නැහැ.
විවාහ සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා වන අයදුම්පත තැපෑලෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.
- අයදුම්පත නිල මුද්දරයක් සමඟ සාම විනිසුරුවරයෙකු (Justice of the Peace) විසින් පමණක් සහතික කළ යුතුයි.
- සහායක ලේඛන බලයලත් ඕස්ට්‍රේලියානු සහතික කිරීමේ ආයතනයක් (වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, සාම විනිසුරුවරයෙක්, පොලිස් නිලධාරියෙක් හෝ ඖෂධවේදියෙකු) විසින් නිල මුද්දරයක් සමඟ සහතික කළ යුතුය.
දකුණු ඕස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට ඇඩිලේඩ් හි ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයාගෙන් අයදුම්පත් සහතික කරගන්න පුළුවන්.
Dr. Charitha Perera
No. 10A, Valmai Avenue,
Kings Park, SA 5034, Australia
Mobile: 0412 552 541
Home: 08 8333 0764
Email: charitha_perera@hotmail.com