ලොව මිනිසකු සිටවූ පැරණිම ගස මොකක්ද?

  • Home
  • /
  • Blog
  • /
  • ලොව මිනිසකු සිටවූ පැරණිම ගස මොකක්ද?

ස්වාභාවික බීජ වැපිරීමකින් නොව මිනිසෙකු විසින් රෝපණය කරන ලද බවට දන්නා සාධක ඇති පැරණිතම ගස කුමක්ද කියා දන්නවද?

ඒ තමයි ශ්‍රී ලංකාව තුළ වගේම ලොව පුරා බෞද්ධයින් ඉමහත් භක්තියෙන් වන්දනා මාන කරන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය.

මෙය මේ වන විට වසර 2,300 ක් පැරණි වන අතර, මෙම බෝ ගස (Ficus religiosa) ලොව මිනිසකු සිටවූ පැරණිම ගස ලෙස ගිනස් වාර්තාවේ පවා සටහන් වෙනවා.

Oldest-known human-planted tree: www.guinnessworldrecords.com

 එය ක්‍රි.පූ. 288 දී එහි රෝපණය කර තිබෙනවා. මෙය සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට උන්වහන්සේ පිටදුන් උතුම් බෝධියේ ශාඛාවක් බව අපි කවුරුත් දන්නා කරුණක්.

Image credit: stock.adobe.com

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025