කන්දක් නැගපු විද්‍යාඥයෙක් නිසා බිහිවූ නිෂ්පාදනය

  • Home
  • /
  • Blog
  • /
  • කන්දක් නැගපු විද්‍යාඥයෙක් නිසා බිහිවූ නිෂ්පාදනය

අද වෙනකොට බොහෝ දෙනා අතර ප්‍රසිද්ද දෙයක් තමයි sunscreen කියන්නේ. හිරු එළියෙන් සම ආරක්ෂා කිරීමට වගේම සමෙහි ඇතිවන පිළිකා වලක්වා ගන්නත් මේක ඉතාමත් වැදගත් නිෂ්පාදනයක්. අද අපි කතා කරන්නේ මේ sunscreen වල ඉතිහාසය ගැන. 

හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිත කළ මුල්ම ක්‍රම මොනවාද?

Baylor විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට අනුව, පුරාණ ඊජිප්තුවරුන් සූර්යය කිරණ අවහිර කිරීම සඳහා ජැස්මින්, සහල් නිවුඩ්ඩ සහ lupine සාරය භාවිතා කළ අතර, පුරාණ ග්‍රීකයන් ඔලිව් තෙල් භාවිත කර තිබෙනවා. ජපානයේ, කාන්තාවන් ක්‍රි.ව. 700 දී පමණ ඊයම් හෝ රසදිය යොදාගෙන සෑදු කුඩු භාවිතා කළ අතර, 1600 ගණන්වලදී, යුරෝපීය කාන්තාවන් වෙල්වට් මුහුණු ආවරණ පැළඳ සිටි අතර ඔවුන්ගේ සම සුදුමැලිව තබා ගැනීම සඳහා ඊයම් යෙදූ ආලේපන ආලේප කර තිබෙනවා. පුළුල් දාර සහිත තොප්පි සහ parasols, පුරාණ ඊජිප්තු සහ චීන ශිෂ්ටාචාර දක්වා දිවෙන අතර, ක්‍රි.පූ. 500 දී ඉන්දියාවේ හිරු කිරණ වලින් ආරක්ෂාවක් ලෙස සින්ක් ඔක්සයිඩ් භාවිතා කර තිබෙනවා. ස්වදේශික ඇමරිකානුවන් පයින් ඉඳිකටු, මල් සහ සූරියකාන්ත තෙල් භාවිතා කළා.

Smithsonian Institute එකට අනුව, 1891 දී ජර්මානු වෛද්‍යවරයෙක් UV විකිරණවලින් ආරක්ෂා වීමට quinine ආලේපනයක් නිර්මාණය කර තිබෙනවා. 1896 දී, ජර්මානු වෛද්‍ය Paul Unna, සමේ පිළිකා සහ හිරු එළියට නිරාවරණය වීම අතර පළමු සහසම්බන්ධය සොයා ගත්තා. 1910 දී, Unnaගේ chestnut extract-sunscreen paste එක Zeozon ලෙස අලෙවි කරන ලද අතර පසුව දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු හමුදා විසින් භාවිතා කර තිබෙනවා.

Baylor විශ්ව විද්‍යාල සඟරාවකට අනුව, 1920 ගණන්වල අගභාගයේදී, ඕස්ට්‍රේලියානු රසායන විද්‍යාඥ Milton Blake, “sunburn preventative cream” එකක් සොයා ගත් අතර, එය 1932 දී Hamilton Laboratories ආරම්භ කිරීමට හේතු වුණා. මෙය sun care products නිෂ්පාදනයේ යෙදී සිටිනවා.

මුලින්ම සාර්ථක වුණු commercial sunscreen මොනවාද?

Britain’s Science Museum එකට අනුව, රූපලාවන්‍ය සමාගමක් වන L’Oréal හි නිර්මාතෘ ප්‍රංශ රසායන විද්‍යාඥ Eugène Schueller, හිරු පිළිස්සීම් වලට එරෙහිව සටන් කිරීම සඳහා නිෂ්පාදනයක් නිර්මාණය කිරීමට තම කණ්ඩායමට පැවරුවා. 1936 දී, benzyl salicylate භාවිතා කර සෑදු Ambre Solaire නිෂ්පාදනය වෙළඳපොළට පැමිණියා. නමුත් එය sunscreen එකකට වඩා tanning oil එකක් වුණා.

බොහෝ දෙනෙක් Franz Greiter, sunscreen වල මුල් නිපැයුම්කරුවෙකු ලෙස සලකනවා. 1938 දී කඳු නැගීමේදී දැඩි හිරු රශ්මියකට ලක්වීමෙන් පසු 1946 දී මෙම ස්විට්සර්ලන්ත රසායනඥයා Glacier Cream හෙවත් Gletscher Crème නිර්මාණය කළ Baylor විශ්ව විද්‍යාල සඟරාව දක්වා තිබෙනවා. මෙම ක්‍රීම් තවමත් පවතින වෙළඳ නාමයක් වන Piz Buin යටතේ අලෙවි කරන ලද අතර එය ඔහුට එම දෛවෝපගත පිළිස්සීමක් ලැබුණු කන්ද වෙනුවෙන් නම් කර තිබෙනවා.

SPF අගය සොයා ගත්තේ කවුද?

Smithsonian Institute එකට අනුව, 1962 දී,  sunscreen මඟින් UVB කිරණවලින් සම කොපමණ කාලයක් ආරක්ෂා කළ හැකිද යන්න මැනීම සඳහා sun protection factor (SPF) එක හඳුන්වා දී තිබෙනවා. ඒ කාලයේදී, Glacier Cream එක SPF 2 ක අගයක් ගෙන තිබෙනවා.

සමහර නවීන sunscreen වැඩිදියුණු කිරීම් මොනවාද?

BBC යට අනුව, water-resistant formulas 1977 දී ප්‍රවණතාවයට ලක් වූ අතර, FDA 1978 දී sunscreen නියාමනය කිරීම ආරම්භ කළා. Smithsonian Institute පවසන්නේ SPF 15 1980 දී හඳුන්වා දුන් අතර, ඊට පෙර පැවතියේ SPF 2 සිට 4 දක්වා බවයි. 1990 ගණන් වන විට, බොහෝ හිරු ආවරණ ක්‍රීම් වල UVA protection ද සමග SPF අගය 15 ත් 30 ත් අතර පැවතුණා.

ඉතින් අද වෙනකොට sunscreen කියනේ බොහෝ දෙනා භාවිත කරන වගේම භාවිත කළ යුතු බවට නිර්දේශ කෙරෙන පිළිකා වලින් සම ආරක්ෂා කරන නිෂ්පාදනයක්.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025