ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලම ස්වභාවික ආපදාවෙන් පසු රට යළි ගොඩනැගීම අරමුණු කරගෙන ‘Rebuilding Sri Lanka’ අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විත මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිතයි.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාට එහි සභාපතිත්වය හිමි වන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනවා.
මෙහි සෙසු සාමාජිකයන් වන්නේ;
- විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
- මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
- ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන
- Hayleys සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ
- John Keells සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්
- Aitken Spence උප සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක
- Brandix සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්
- LOLC විධායක සභාපති ඉෂාර නානායක්කාර
අරමුදල කළමනාකරණය කිරීමේ බලය මෙම කමිටුව සතු වන අතර අවශ්‍යතා තක්සේරු කිරීම, අරමුදල් වෙන් කිරීම, මුදල් නිකුත් කිරීම ආදී වගකීම් රැසක් ද එය සතු වෙනවා. මූල්‍ය කළමනාකරණය වගේම අරමුදල් භාවිතයේ විනිවිදභාවය සහතික කිරීම මේ මගින් අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින හෝ වෙනත් රටක සිටින ඕනෑම අයෙක්ට තම දායක මුදල් රජය විසින් ලබා දී ඇති ගිණුම් වෙත බැර කරන්න පුළුවන්. ඒ පිලිබඳ සියලු තොරතුරු අඩංගු වෙබ් අඩවියක් ද රජය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ පිලිබඳ වැඩි විස්තර දැනගන්න කියවන්න:
අවතැන් වූවන්ට ඔබේ සහය ලබා දිය හැකි නවතම වෙබ් අඩවියක් රජයෙන්: https://sannasa.com.au/archives/9853
Image credit: www.news.lk