පිටරට සිට යවන ආධාර බදු හා ගාස්තු වලින් නිදහස්

  • Home
  • /
  • News
  • /
  • පිටරට සිට යවන ආධාර බදු හා ගාස්තු වලින් නිදහස්

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා විදේශීය පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ cargo clearance කිරීම සඳහා සරල ක්‍රියා පටිපාටියක් ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ඒ සඳහා සියලුම import taxes සහ levies නිදහස් කර තිබෙනවා.

විදේශීය සංවිධාන, විවිධ විදේශීය පරිත්‍යාගශීලීන් සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් විසින් මානුෂීය ආධාර ලබා දීම සඳහා කරන ලද ඉල්ලීම්, විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමය සකස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, සියලුම ආනයන බදු සහ ගාස්තු නිදහස් කරමින්, ශ්‍රී ලංකාවට යවන ලද ආධාර ඉක්මනින් නිෂ්කාශනය කර බෙදා හැරීම සඳහා සරල ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

https://www.customs.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ හා වැඩි විස්තර ලබා ගත හැකි අතර පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු http://www.donate.gov.lk./ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මේ අතර, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානියෙන් පසු රට නැවත ගොඩනැගීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදල පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව වෙත ලැබෙන අරමුදල් එම කමිටුව හරහා කළමනාකරණය කිරීමට නියමිතයි.

ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න කියවන්න: 

ශ්‍රී ලංකාව නැවත නගා සිටුවන්න කමිටුවක්: https://sannasa.com.au/archives/9855

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025