Lidia Thorpe නැවත වතාවක් ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවෙන් නෙරපයි.

  • Home
  • /
  • News
  • /
  • Lidia Thorpe නැවත වතාවක් ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාවෙන් නෙරපයි.

සෙනෙට් සභාවේ දී හැසිරීමේ ගැටළුවක් හේතුවෙන් ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe හට නැවත වතාවක් ඕස්ට්‍රේලියානු සෙනෙට් සභාව අත්හිටු වීමට පියවර ගෙන ඇත. බදාදා(27) සවස Pauline Hanson මහත්මිය කම්කරු සෙනෙට් සභික Fatima Paymanගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න මතු කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය.

මීට පෙර ද සෙනෙට් සභාව තුළ ගැටුම්කාරී හැසිරීම් පිළිබඳ ඉතිහාසයක් ඇති තෝර්ප් විසින් Fatima Paymanගේ පුරවැසිභාවය පිළිබඳ යෝජනාවක් ඉරා හැන්සන් වෙත විසි කළේය.ඇය හැන්සන් “වරදකරු ජාතිවාදියෙකු” යැයි කෑගසමින් තම මැද ඇඟිල්ල පෙරළමින් සභාවෙන් පිටව ගියාය.

Lidia Thorpeගේ තාවකාලික අත්හිටුවීමට කම්කරු පක්ෂය සහ සභාගය යන දෙඅංශයෙන්ම සහය ලැබුණු අතර යෝජනාව 46 ට 11 කින් සම්මත වූ අතර, තෝර්ප්ගේ හිටපු ග්‍රීන්ස් සගයන් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වසරේ අවසාන රැස්වීම් දිනය වන බ්‍රහස්පතින්දා සෙනෙට් සභාවේ කටයුතුවලට සහභාගි වීමට තෝර්ප්ට අවසර නොලැබේ.

Lidia Thorpe විසින් චාල්ස් රජුගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී රජුට බැන වැදීම සම්බන්ධයෙන් සෙනෙට් සභාව විසින් වාරණයට ලක් වූ සිද්ධියකින් පසුව මෙය සිදු වේ.

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024