Melbourne වල හොඳම Cafes n’ Bakeries

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල හොඳම Cafes n’ Bakeries

The Flour

බටහිර මෙල්බර්න් හි පිහිටා ඇති The Flour පේස්ට්‍රි සහ කෝපි වලට ආදරය කරන ඕනෑම කෙනෙකුට කදිම තෝතැන්නකි. පේස්ට්‍රි සූපවේදියෙකු වන April Yoonhee Bae සහ සම හිමිකාරිය වන Sarah Seonghee Bae විසින් 2017 හි ආරම්භ කරන ලද මෙම අවන්හල  199 Victoria වීදියෙහි පිහිටා ඇත. මෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සෘතුමය ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සහ දේශීය ඕස්ට්‍රේලියානු අමුද්‍රව්‍ය යොදාගැනීමයි. එමෙන්ම මෙම අවන්හල ගෝලීය වශයෙන් සම්මානයට පාත්‍ර වූ බැරිස්ටාවරයෙකු වන Harry Co විසින් මෙහෙයවනු ලබන එහි ඉහළම මට්ටමේ කෝපි වැඩසටහන් සඳහා ද ප්‍රසිද්ධය. Single-origin beans වලින් සාදනු ලබන කෝපි සමඟින් යුරෝපීය රසයෙන් අනූන පිස්ටැචියෝ කේක්, කැනේල්, සම්ප්‍රදායික Basque චීස්කේක් සහ Dacquois (Dacquoise යනු meringue සහ බිම් ගෙඩි මිශ්‍රණයකින් සාදන ලද ප්‍රංශ අතුරුපසකි. එය සාමාන්‍යයෙන් විප්ඩ් ක්‍රීම්, පේස්ට්‍රි ක්‍රීම් සහ බටර් ක්‍රීම් වලින් පුරවා ආමන්ඩ් හෝ හේසල්නට් වලින් සාදනු ලැබේ.) ඇතුළත් රසකැවිලි මෙනුව රසවිඳීමට නම් ඔබට මෙහි පැමිණීමටම සිදුවේ. 

Rosso Coffee Experience

බදාදා සිට ඉරිදා වන තෙක් උදෑසන 8 සිට සවස 3 වන තෙක් විවෘතව පවතින Rosso Coffee Experience, Melbourne හි කාර්යබහුල කෝපි සංස්කෘතිය තුළ සුවිශේෂත්වයක් හිමි කරගෙන සිටියි. උතුරු මෙල්බර්න් හි Dryburgh වීදියේ ප්‍රතිනිර්මාණය කරන ලද ගබඩාවක පිහිටා ඇති මෙම කෝපි හලට ඇතුල් වන විටම නැවුම් ලෙස බදින ලද කෝපි ඇට වල සුවඳ, කෝපි වලට දැඩි ලෙස ප්‍රිය කරන්නන්ගේ ආත්මය ස්පර්ශ කරනු ලබයි. අති දක්ෂ බැරිස්ටා වරුන් ඔබේ ප්‍රියතම කෝපි මිශ්‍රණය සාදන ආකාරය නැරඹීමට මෙන්ම ඔබටම එය සකසා ගැනීමටද පහසුකම් සලසා ඇත. මෙම අවන්හල කෝපි වලට අමතරව, කීර්තිමත් Neil Perry විසින් පුහුණු කරන ලද, සූපවේදී Michael Bernerger Kevin ගේ උණුසුම් බටර් දැමූ පොකිරිස්සන් සහ රසවත් porcini හතු මිශ්‍රණයන් ද ඇතුළත් නිර්මාංශ සහ ග්ලූටන් රහිත තේරීම් රාශියකින් සමන්විත ආහාර වට්ටෝරුවකට ද හිමිකම් කියනු ලබයි.

Roslyn Thai Cafe

බටහිර මෙල්බර්න් හි හිරු කිරණින් නැහැවුණු, තායිලන්තයට ආවේණික රසවත් ආහාර රැගත් Roslyn Thai Cafe උදෑසන 8 සිට සවස 3 පමණ දක්වා විවෘතව පවතී. උදේ ආහාරය සඳහා උදේට පමණක් ලබා ගත හැකි ඉතා උණුසුම්ව පිරිනමනු ලබන  jok moo ලෙස හඳුන්වන ඝන බත් සහ ඌරු මස් වලින් සාදනු ලබන congee  කැඳ ඇතුළත් වේ. අතුරුපස සඳහා, පැණිරස ඇලෙන සුළු සහල් සමඟ පිළිගන්වනු ලබන අඹ වලට අමතරව රස නහර පිනා යන කළු තල වල සිට මැන්ඩරින් දක්වා සෑම රසයකින්ම යුක්ත කේක් විශාල ප්‍රමාණයක් ඇත. මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් අතර වඩාත් ම ප්‍රියතම ආහාරය ලෙස සලකනු ලබන්නේ තායි කිරි තේ සමඟ පිළිගන්වනු ලබන චිෆන් කේක් වේ.

Regretless

ග්ලූටන් රහිත, සීනි රහිත සහ පිටි රහිත විකල්ප මෙනුවක් සමඟින් දවස ආරම්භ කිරීමට ප්‍රිය කරනු ලබන සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් ඔබ වෙනුවෙන්ම වෙන්වූ Regretless, Bourke වීදියෙහි පිහිටා ඇත. ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන අතුරුපස, රසවත් සංග්‍රහ සහ බීම වර්ග මෙන්ම උත්සව අවස්ථාවන් සඳහා කේක් වර්ගද රාශියක් පිරිනමනු ලබයි. ඔබට මෙහිදී ස්ථර වශයෙන් බෙදුණු දම් පැහැති yam ක්‍රේප් කේක්, ග්ලූටන් රහිත වොෆ්ල්ස්, ටිරාමිසු සහ වඩාත් රසවත් රසකැවිලි තෝරා ගත හැකිය. ස්වභාවික ශාක පදනම් කරගත් රසකාරක ‍යොදාගනිමින්, කාබනික නිෂ්පාදන යොදාගනිමින් වගා කරනු ලබන හොඳම අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීමට සෑමවිටම කැපවීමෙන් කටයුතු කරනු ලබන ඔවුන් රසවත් බව මෙන්ම පෝෂ්‍යදායී බවට ද මූලිකත්වයක් දෙනු ලබනවා.

Miyama

ජපන් සම්ප්‍රදායේ උණුසුම රැගත් Miyama යනු චමත්කාරයෙන් පිරුණු ජපන් ආගන්තුක සත්කාරයේ Melbourne හි සංකේතයයි. මෙම අවන්හල කෝපි, තේ, ජපන් බීම, දිවා ආහාරය, පේස්ට්‍රි සහ අතුරුපස ද සමඟින් සතිය පුරාවටම උදෑසන 10 සිට සවස 5 දක්වා විවෘතව පවතී. සාම්ප්‍රදායික ජපන් බ්‍රන්ච් කට්ටල සහ පැණිරස සංග්‍රහ සපයන සුවපහසු ආපන ශාලාවක් වන මෙය Melbourne Central හි පිහිටා ඇත. ස්ට්‍රෝබෙරි ෂෝට්කේක්, බැනෝෆි ටාට්, සුදුළුණු බ්‍රියෝචේ, අයිස් කළ ස්ට්‍රෝබෙරි මචා ලාටේ මෙහි සුවිශේෂි ආහාර අංග අතරට එක් වේ.

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024