Melbourne වල Thrift Shopping යන්න හොඳම තැන් 4ක්

  • Home
  • /
  • Blog
  • /
  • Melbourne වල Thrift Shopping යන්න හොඳම තැන් 4ක්

Martin Fella

සුඛෝපභෝගී බෑග් වලට ප්‍රිය කරන කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය වෙළඳසලක් ලෙස Martin Fella සැලකෙනවා. Second hand කියන වචනයට ඔබ එතරම් ප්‍රිය නොකළත්, මෙම විලාසිතා වලට ඔබේ සිත වසඟයට පත් කර ගැනීමට නම් එතරම් වෙලාවක් ගත නොවේ. සඳුදා හැර සතියේ සෑම දිනකම උදෑසන 11 සිට සවස 4 දක්වා විවෘතව පවතින Martin Fella හිදී Louis Vuitton, Celine, සහ Gucci වැනි ඔබේ ප්‍රියතම සුඛෝපභෝගී ආරයේ වෙළඳ සන්නාම ‍යටතේ පැමිණෙන උසස් තත්වයේ ආයිත්තම් වලින් සැරසීමට පුලුවන්. කාගේ හෝ නිවසකට ඇතුල් වුණු වෙලාවක අමතක කරගන්න බැරි හැඟීමක් දැනිල තියෙනවා ද? එසේනම්, ඔයාගෙ ඒකාකාරී නිවහනට පුදුමාකාර විදිහේ ආලෝකයක් ගෙනත් දීමට සමත් Indoor decorations වලට ඔබ ඇලුම් කරන බව කිසිදු සැකයක් නැහැ. යුරෝපයෙන් ආනයනය කරන ලද එවැනි මැටි භාණ්ඩ සහ වීදුරු එකතුවකට හිමිකම් කියන Martin Fella ඔබ යා යුතුම ස්ථානයක් වන්නේ එ නිසාමයි.

Retrostar Vintage Clothing

1940 තරම්ම වූ ඈත අතීතයකට දිව යන්න කැමති vintage souls වෙනුවෙන්ම Swanston වීදියේ Nicholas ගොඩනැගිල්ලේ පිහිටා ඇති RetroStar Vintage Clothing හඳුන්වා දිය හැකියි. බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබන Hawaiin shirts සහ hotpants ඇතුලු 1990 තෙක් ලොව පුරා ප්‍රචලිතව පැවති කමිස, සහ කලිසම් විලාසිතා රාශියකින් මෙම වෙළඳසල සමන්විත වේ. මීට අමතරව Rockstar සංගීතය රස විඳින්නන් වෙනුවෙන්ම වෙන්වූ ටී-ෂ‍ර්ට්, බූට්, ලෙදර් ජැකට්, බෑග්, ස්වර්ණාභරණ සහ උපාංග වෙනුවෙන් මොවුන් නම් දරා සිටිනවා. සතියේ දින 7 පුරාවටම උදෑසන 11 සිට සවස 5.30 වනතෙක්ම විවෘතව පවතින මෙම වෙළඳසළ Flinders මංතීරු අතර සිරවී තිබෙන Melbourne හි සැඟවුණු රහස් වලින් එකක් ලෙස සලකනු ලබන්නේ එහි ඇතුළාන්තයෙහි ඇති සිත්ගන්නා සුලු වර්ණවත් ස්වභාවය නිසාය.

Hunter Gatherer and Brotherhood of St Lawrence

Royal Arcade වලට අයත් Hunter Gatherer හි වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඇති Brotherhood of St Lawrence op shops වෙතින් තෝරාගන්නා ලද හැඩකාර විලාසිතා රාශියක් ඇතුළත් වේ. Hot Pink, Neon Green වැනි වර්ණවත් විලාසිතා වලින් සැරසී කැපී පෙනීමට ප්‍රිය කරන ඔබ යා යුතුම ස්ථානයක් ලෙස මෙය සැලකිය හැක්කේ bold fashion කාණ්ඩය යටතේ පැමිණෙන ඇඳුම් ආයිත්තම් වෙනුවෙන් ඔවුන් ප්‍රසිද්ධියක් උසුලන නිසාමයි. ඔබ කේවල් කිරීමේ දක්ෂයෙකු නම්, පහත මාලය ඔබටම වෙන්වූ පාරාදීසයක් සේ දිස්වනු ඇත. වයස් භේදයකින් තොරව සියලු දෙනාහටම ගැළපෙන ආකාරයේ ඇඳුම් වලින් සමන්විත මෙහි පහත මාලයේ පොත් මෙන්ම කුඩා විසිතුරු ආයිත්තම් ද මිලදී ගැනීමට ඇත.

Vintage Sole

1960 ගණන්වල සිට 1990 දශකය දක්වා ශෛලියට අයත් විලාසිතා ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම සැරසුණු  Vintage Sole සෑම සතියේ දිනකම උදෑසන 11 සිට සවස 6 දක්වා විවෘතව පවතිනවා. 2005 දී ආරම්භ වූ Vintage Sole වර්තමානය වන විට Fitzroy, CBD, Soth Yarra හි වෙළඳසැල් තුනකට හිම්කම් කියනු ලබන අතර ලෝකයේ අනෙක් කෙළවරේ සිටියත්, නිමාවෙන් උසස් ඔවුන්ගේ ඇඳුම් නිර්මාණ වලට ප්‍රිය කරන්නන් සඳහාම අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකම් ද සලසා තිබෙනවා. 

 

 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024