Ne Zha 2 චිත්‍රපටය ලොව වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි.

  • Home
  • /
  • News
  • /
  • Ne Zha 2 චිත්‍රපටය ලොව වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි.

ඩිස්නි සමාගමේ චිත්‍රපටයක් වන “Inside Out 2” අභිබවා චීන සජීවීකරණ “Ne Zha 2” චිත්‍රපටය  ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට වාර්තා තබයි.

Maoyan  ප්‍රවේශ පත්‍ර වේදිකාවේ  ගණනය කිරීම් අනුව  ඊයේ (18) සවස වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ක් පමණ ඉක්මවා ගොස් ඇති බව සඳහන් ය.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දින තිරගත වීම ආරම්භ වී දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්වී දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයකි.

චීනය තුළ, තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක්  මෙම චිත්‍රපටය  සටහන් වෙයි.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025