WA seaplane අනතුරෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට,තවත් හතරක් රෝහලේ

  • Home
  • /
  • News
  • /
  • WA seaplane අනතුරෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට,තවත් හතරක් රෝහලේ

බටහිර ඔස්ට්‍රේලියාවේ Rottnest Island ආසන්නයේ  මුහුදු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. 

 

ඊයේ (08) පස්වරු 4ට පමණ තොම්සන් බොක්කෙන් ගුවන් ගත වූ මුහුදු ගුවන් යානය සුළු වේලාවකට පසු කඩා වැටීමෙන් පසු මෙම අනතුර සිදු විය. 

 

මියගිය බව තහවුරු වී ඇත්තේ 65 හැවිරිදි ස්විට්සර්ලන්ත සංචාරකයෙකු, 60 හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයෙකු සහ 34 හැවිරිදි බටහිර ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් නියමුවා වේ.

 

WA Premier Roger Cook විසින් මළ සිරුරු එක රැයකින් සොයා ගත් බව තහවුරු කළ අතර, දරුවන් සිටින පවුල් ඇතුළු බොහෝ සංචාරකයින් ඉදිරිපිට මෙම අනතුර සිදු විය. 

 

ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ අවුරුදු 63, 58 සහ 65 යන වයස්වල පසුවන දිවි ගලවා ගත් හතර දෙනෙක් මේ වන විට රෝහල්ගතව සිටින අතර, ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු තුවාලත්,ඇතැම් පුද්ගලයින්ට බරපතල තුවාලත් සිදු වී ඇත.

 

තොම්සන් බොක්කෙහි මීටර් අටක් ගැඹුරට ගිලී ඇති ගුවන් යානා සුන්බුන් ලබා ගැනීම දිගටම කරගෙන යන අතර ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය සහ WA පොලිසිය යන දෙඅංශයෙන්ම විමර්ශන ක්‍රියාත්මකයි. 

 

අනතුර පිළිබඳ දර්ශන හෝ තොරතුරු දන්නා ඕනෑම කෙනෙකුට පොලීසිය හා සම්බන්ධවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. 

 

දිවි ගලවා ගත් අයට උපකාර කිරීම සහ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම නිසා ආරක්ෂක අංශ සඳහා මහජනතාවගේ ප්‍රශංසාව ද ලැබී තිබේ.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025