අධික වැඩවලට එරෙහිව ඕස්ට්‍රේලියාවේ අගෝස්තු 26 සිට නව නීති බලාත්මක කිරීමට යයි.

  • Home
  • /
  • News
  • /
  • අධික වැඩවලට එරෙහිව ඕස්ට්‍රේලියාවේ අගෝස්තු 26 සිට නව නීති බලාත්මක කිරීමට යයි.

සේවකයින් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ව්‍යාපාරවලට අදාළ වන නොසළකා හැරීමේ අයිතිය හා සම්බන්ධ නීති අගෝස්තු 26 වැනිදා ඕස්ට්‍රේලියාව විසින් හඳුන්වා දීමට නියමිතය.

 ලබන සතියේ සිට ඕස්ට්‍රේලියානුවන්ට කාර්යාල වේලාවෙන් පිටත සියලුම වැඩ සන්නිවේදනයන් නොසලකා හැරීමේ නීත්‍යානුකූල අයිතිය ඇත.කාර්යාල වේලාවෙන් පසුව ද වැඩ කිරීමට සිදුවන නිසාත්,ඇතැම් කාර්යාලවල පැය 15කට අධික වේලාවක් වැඩ කර නැවත නිවසේ දී වැඩ කිරීම නිසා සේවකයින් පත්වන අපහසුතාවයෙන් වැළකීම සදහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.සේවකයින්ගේ සමාජ සම්බන්ධතා බිදවැටෙන බවත් ප්‍රංශය වැනි රටවල්වල මෙම නීති දැනටමත් ක්‍රියාත්මක වන බවත් සේවකයින්ගේ වැඩ ජීවිතය සහ සාමාන්‍ය ජීවිතය සමතුලිතව පවත්වාගෙන යාම සදහාත්,සේවකයින්ගේ යහපැවැත්ම උදෙසාත් මෙම නීතිය ක්‍රියාත්මක වන බව රජය පවසයි.මෙම නීති ක්‍රියාත්මක කිරීම නිසා සේවකයා සහ සේවක ස්ථාන‍යේ වෙනසක් සහ දියුණුවක් ඇතිවනු ඇති බවට රජය විශ්වාස කරයි.

Don't forget to share this post!

Recent Posts

Screenshot_20200718-131658_Chrome
September 6, 2024