City of Dreams විවෘත කරන්න Dream Man ලංකාවට?

  • Home
  • /
  • Blog
  • /
  • City of Dreams විවෘත කරන්න Dream Man ලංකාවට?

ඉතා ජනප්‍රිය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් එළඹෙන අගෝස්තු 2 වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන “City of Dreams” විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය හැකි බවට වාර්තා පළවෙයි.

මෙය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති නමුත් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ඔහු වන බව සංවිධායක පාර්ශව සහ ආසන්න ආරංචි මාර්ග සඳහන් කරති.මෙය වටා අවධානය දිස්වීමට එක් හේතුවක් වන්නේ, “City of Dreams” සහ “Cinnamon Life” නිල සමාජජාලා ගිණුම් මගින් මේ වනවිට “විශේෂ අමුත්තෙකු පැමිණෙනවා…” යන තේමාව ඔස්සේ ආකර්ෂණීය ප්‍රචාරණයක් සිදුකරමින් සිටීමයි. එහි දැක්වෙන සිරුරේ හැඩය, ශාරුක් ඛාන්ගේ ප්‍රසිද්ධ පෙනුම සමඟ දැඩි සමානතාවයක් ඇති බව බොහෝ රසිකයින් පවසයි.

උත්සවය පැවැත්වෙන “City of Dreams” ව්‍යාපෘතිය මෙය අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකින් සිදුකළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙහි විශාලතම ව්‍යාපෘතිය ලෙස හඳුවන්නට පුළුවන්. මෙහි ආවරණය වන්නේ ලෝක තලයේ කැසිනෝ, සුඛෝපභෝගී හෝටල, සහ විශාල වෙළඳ මධ්‍යස්ථානයන් ය.

මෙම උත්සවයට ජාත්‍යන්තර කීර්තියට පත් කලාකරුවන්, ආයෝජකයින්, සහ විදේශ මාධ්‍යවේදීන් සහභාගීවෙන්නට නියමිත බවද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

357acea0-9ee2-4b83-82d0-ef79603dd81c
July 1, 2025