අර්බුදකාරී වාතාවරණයක දී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම නිසා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඉහළ ඇගයීම්

  • Home
  • /
  • News
  • /
  • අර්බුදකාරී වාතාවරණයක දී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම නිසා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඉහළ ඇගයීම්

අර්බුදකාරී වාතාවරණයක දී දූරදර්ශී ආකාරයෙන් කටයුතු කර ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඉහළ ඇගයීම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හට ග්ලෝබල් ෆිනෑන්ස් හි 2024 මහ බැංකු වාර්තා මගින් කීර්තිමත් “A” ශ්‍රේණියක් පිරිනමා ඇත.මෙම ඉහළ පෙළේ ඇගයීම ආචාර්ය වීරසිංහ ලොව පුරා සිටින ප්‍රභූ මහ බැංකු අධිපතිවරුන් අතරට පත් කර ඇත.රට තුළ පැවති අර්බුදකාරී වාතාවරණයේ දී  ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම සඳහා ඔහු ලබාදුන් සුවිශේෂී නායකත්වය සහ උපායමාර්ගික ඥානය නිසා ඔහුට මෙම අගය කිරීම ලබා දී ඇත.

උද්ධමනය කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදල් ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල ආචාර්ය වීරසිංහයන් ඉටුකළ විශිෂ්ට කාර්යයන් සඳහා “A” ශ්‍රේණිය සාක්ෂි සපයයි.ඔහුගේ ඵලදායී ප්‍රතිපත්ති සහ තීරණාත්මක ක්‍රියාවන් තුලින් සැලකිය යුතු ගෝලීය සහ දේශීය අභියෝගවලින් සනිටුහන් වූ කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා කටයුතු කිරීම මෙම අගය කිරීම සදහා හේතුව වේ.

Global Finance හි වාර්ෂික මහ බැංකු වාර්තා කාඩ්පත් මගින් ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක් කරන අතර, ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රවල ඔවුන්ගේ සාර්ථකත්වය මත පදනම්ව ඔවුන්ව “A” සිට “F” දක්වා පරිමාණයෙන් ශ්‍රේණිගත කරයි. ආචාර්ය වීරසිංහගේ ඉහළම ශ්‍රේණිය මගින් ශ්‍රී ලංකා ආර්ථික‍යේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පෝෂණය කිරීම සඳහා ඔහුගේ කැපවීම ලෝකයටම පෙන්වා දෙයි. 

ශ්‍රේණිගත මහ බැංකු අධිපතිවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාවේ ඔක්තෝබර් සංස්කරණවල ප්‍රදර්ශනය කෙරෙන අතර GFMag.com මගින් online ලබා ගත හැකිය.

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024