අද අපි කතා කරන්න හදන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඔස්ට්‍රේලියාවට පිටතින් ගේන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියන එක. ඒ කියන්නේ ඔයා වෙනත් රටක ඉදන් මේ රටට ඇතුල් වෙනකොට ඔයාට අරගෙන එන්න පුළුවන් සහ බැරි දේවල්. ඉතින් මේ විදිහට වෙනත් රටකට සංචාරය කරලා හෝ මුල්ම වතාවට හෝ ඔස්ට්‍රේලියාවට එන අය නිතරම අහන ප්‍රධාන දේවල් කිහිපයක් ගැන කතා කරමු.
වෙනත් රටක සිට මෙරට දේශසීමාවට බඩු භාණ්ඩ ගේනවනම් ඔයා දැනගන්න අවශ්‍යයි, සමහර දේවල් වලට අවසර දීල තියනවා, සමහර දේවල් වලට අවසර නැහැ. තවත් සමහරක් දේවල් රට තුළට ගේනවානම් පෙර අවසර පත්‍රයක් ලබා ගැනීම අවශ්‍යයි. තවත් සමහර දේවල් වලට අවසර දීලා තිබුණත්, ඒවාට බලපාන විශේෂ අවවාද, එහෙමත් නැත්නම් කොන්දේසි තිබෙන්න පුළුවන්.
බොහෝ දෙනෙක්ට මෙතැනදී තියන ලොකුම ප්‍රශ්නේ කෑම වර්ග. වෙනත් රටක ඇවිදලා රස බලපු ඒ ඒ රටවල් වලට අනන්‍ය කෑම වර්ග සහ අමු ද්‍රව්‍ය නැවත එනකොට අරගෙන එන්න ගොඩක් දෙනෙක් කැමතියි. ඉතින් අද බලමු මොනවද මේ රටට අරගෙන එන්න පුළුවන් කෑම වර්ග කියල.
Biscuits, bread, cakes, pastries, Christmas cake, and Christmas pudding (excluding cheesecakes)
බිස්කට්, පාන්, කේක්, පේස්ට්‍රි, නත්තල් කේක් සහ නත්තල් පුඩිං ඔයාට වෙනත් රටක සිට ඔස්ට්‍රේලියාවට අරගෙන එන්න පුළුවන්. මේ නිෂ්පාදන ඕස්ට්‍රේලියාව තුළට ගෙන එන්න අවසර ලැබෙන්නේ;
- ඒවා පුද්ගලික පරිභෝජනය සඳහා නම්,
- ඒවා සම්පූර්ණයෙන්ම පිසින ලද, shelf stable (ශීතකරණය අවශ්‍ය නොවන) සහ මස් වර්ග අඩංගු නොවනවා නම්,
- කේක් වර්ග වල fillings හෝ toppings කේක් සමගම පිස ඇත්නම් පමණයි.
අනෙකුත් සියලුම කේක් වර්ග සහ චීස්කේක් වලට අදාළ කොන්දේසි සඳහා BICON website එක බලන්න.
Chocolate and confectionery
ඔයාට වාණිජමය වශයෙන් සකස් කර ඇසුරුම් කරන ලද (commercially prepared and packaged) චොකලට් හෝ රසකැවිලි පුද්ගලික ආනයනයක් විදිහට ඕස්ට්‍රේලියාවට අරගෙන එන්න පුළුවන්. රසකැවිලි අතරට fudge, toffees, boiled sweets, peppermints, marshmallows සහ liquorice ඇතුළත් වෙනවා.
මෙම චොකලට් සහ රසකැවිලි වල කිසිම මස් වර්ගයක් අඩංගු නොවිය යුතුයි. එහෙම අඩංගු වන කැවිලි ගෙන්න අවසර නෑ.
Dried herbs (including ginseng and saffron) and loose herbal teas
වාණිජමය වශයෙන් සකස් කර ඇසුරුම් කරන ලද ලිහිල් ඖෂධීය තේ සහ වියළි ඖෂධ පැළෑටි (කොළ, කුළුබඩු, මුල් සහ පොතු ඇතුළුව) ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර දෙනු ලබන්නේ ඒවායේ ශාක සම්භවයක් ඇති සිහින්ව කැඩුණු අමුද්‍රව්‍ය පමණක් අඩංගු වනවා නම් සහ බර 1kg ට නොවැඩි නම් පමණයි.
නිශ්චිත කොන්දේසි සඳහා BICON වෙබ් අඩවිය බලන්න.
Juice and soft drink
පළතුරු සහ එළවළු යුෂ සහ soft drinks වර්ග වාණිජමය වශයෙන් සකස් කර ඇසුරුම් කර ඇත්නම් ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර තිබෙනවා. නමුත් යම් යම් අවස්ථා වල විවිධ කොන්දේසි ඇතුළත් විය හැකියි.
මීට අදාළ ආනයන කොන්දේසි දැනගැනීමට BICON වෙබ් අඩවිය බලන්න.
Oil
මේ කතා කරන්නේ කෑමට ගන්න තෙල් වර්ග ගැන. එළවළු සහ බීජ තෙල් (රටකජු, කුංකුම, හණ, ඔලිව් සහ කපු බීජ තෙල් ඇතුළුව) සඳහා ඕස්ට්‍රේලියාවට ගෙන ඒමට අවසර තිබෙනවා. මේවා පිරිසිදු විය යුතු අතර දූෂිත බීජ, පස් සහ සත්ව හෝ ශාක සුන්බුන් වලින් තොර වීමත් අවශ්‍යයි.
ඊළඟට අපි කතා කරමු මේ විදිහට අරගෙන තහනම් කරලා තියන ආහාර වර්ග ගැන.