කලා මධ්‍යස්ථානයේ මෙල්බර්න් සංචාරය හැමර් ශාලාවෙන් ආරම්භ වී, දිරාපත් වූ රන් සහ ඇම්බර් ගෘහ නිර්මාණ මට්ටම් හයක් ගවේෂණය කරයි. Truscott විවේකාගාරයේ සුඛෝපභෝගීත්වය අත්විඳින්නට හා Melbourne Symphony වාද්‍ය වෘන්දයට නිවහන වන මහා ගුහාවක් වැනි ශ්‍රවණාගාරය දැක බලගැනීමටද මෙහිදී ඔබට හැකිවනු ඇත.
ඉන්පසු මෙල්බර්න්හි බොහෝ සෙයින් ආදරය කරන සිනමාහල්වල නිවහන වන තියටර්ස් ගොඩනැගිලි,ශ්‍රවණාගාර සහ ආලින්ද හරහා ගමන් කරන්න. දෘශ්‍ය හා රංගන කලාවන් අතර මංසන්ධිය හෙළි කරමින් මහජන කලා එකතුවේ කැපී පෙනෙන අවස්ථා රසවිදින්න.
සටහන:
– උදෑසන සංචාරයක් සඳහා වන සෑම ටිකට් පතකටම නොමිලේ උණුසුම් පාන වවුචරයක් ඇතුළත් වේ.
– දහවල් සංචාරයක් සඳහා වන සෑම ටිකට් පතකටම නොමිලේ මධ්‍යසාර හෝ මධ්‍යසාර නොවන පාන වවුචරයක් ඇතුළත් වේ.
– ශ්‍රවණාගාර වෙත ප්‍රවේශය වීම සදහා එදින පැවැත්වෙන ප්‍රසංග ටිකට්පත් මිලදී ගත යුතුවේ.