ඇමරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසයි.

  • Home
  • /
  • News
  • /
  • ඇමරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසයි.

ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර ගනිමින් වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් වොෂිංටන්හි චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම් එය වෙළෙඳ හෝ වෙනත් කුමන ආකාරයකින් වුවද එහි අවසානය සනිටුහන් කිරීමට චීනය සූදානම් බව චීන තනාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම්  7.2% කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025