ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 295ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ(25) සමත් විය.
ඉන්දියාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය පිල සමත් විය.මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 150ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 104කට දැවී ගියේය.
ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගියද ඔවුන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 238ක් පමණි.ඉන්දීය පිල වෙනුවෙන් යෂශ්වී ජයිශ්වාල් ලකුණු 161ක්, විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් හා කේ.එල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්හ.තරගයේ වීරයා සම්මානය දිනූ ජස්ප්‍රිට් බුම්රා දිනාගත්තේ ය. තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියට පැමිණි අතර, දෙවැනි ටෙස්ට් තරගය මෙම මස 30 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වේ.