ඔස්කාර් සම්මානලාභී පලස්තින සිනමාකරු Hamdan Balal බටහිර ඉවුරේ සිය නිවෙසේ සිටියදී ඊශ්‍රායල හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ඔස්කාර් සම්මාන උලෙළේදි හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු වන හම්ඩාන් පැහැරගැනීමට පෙර ඔහු පදිංචිව සිටි බටහිර ඉවුරේ Susya in Hebron ගම්මානයට කඩා වැදුණු ඊශ්‍රාලය ජාතිකයන් පිරිසක් ඔහුට පහරදී දරුණු තුවාල සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඊශ්‍රායල ජාතිකයන්ගේ පහරදීමට ලක්වූ සිනමාකරු රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් කැඳවූ මොහොතේදී ඊශ්‍රායල හමුදා කණ්ඩායමක් පැමිණ ඔහු පැහැරගෙන ගිය බව No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු වන Yuval Abraham එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබා ඇතැයි වාර්තා වේ.