ඕස්ට්‍රේලියානු අධිකරණයට ගිය ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පිළිබද ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු අධිකරණයට ගිය ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය පිළිබද ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

ඕස්ට්‍රේලියානු අධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අගෝස්තු 17 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

ඔවුන්ගේ නිල නියෝජන රාජකාරිවලට සහය වීම පිණිස ගෘහ සහායක සහායිකාවන් රැගෙන යෑම සඳහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පහසුකම් සැලසීම සාමාන්‍ය සිරිත බවත් සිද්ධියට අදාළ ගෘහ සහායිකාව වසර තුනක පූර්ණ සේවා කාලයක් නිමා කොට තිබූ අතර,ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය  ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට අදහස් කොට තිබූ දිනට පෙර දින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගේ නිල නිවෙසින් සිද්ධියට අදාළ ගෘහ සහායිකාව රහසින් පළා ගොස් ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

ගෘහ සහායිකාවගේ වැටුප වශයෙන් අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලැබූ දීමනාව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය විසින් ඇයට ගෙවා තිබෙන බවත්,ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ ගෘහ සහායිකාව විසින් ගිවිස ගත් පරිදි මහ කොමසාරිස්වරිය විසින් ගෘහ සහායිකාවට ගෙවන ලද වැටුප පිළිබද අමාත්‍යාංශය සෑහීමට පත් වන බවත් වැඩිදුරටත් මාධ්‍ය නිවේදනයේ සදහන් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

man-hand-handcuffed
January 17, 2025