ඕස්ට්‍රේලියානු දින සැමරුම් අවලංගු කිරීම ගැන AVC සමාගම සමාව ඉල්ලයි

  • Home
  • /
  • Lifestyle
  • /
  • ඕස්ට්‍රේලියානු දින සැමරුම් අවලංගු කිරීම ගැන AVC සමාගම සමාව ඉල්ලයි

ලබන වසරේ ජනවාරි 26 වැනිදා ඔස්ට්‍රේලියානු දිනය සැමරීම සිදු නොකරන බව ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාව තුළ “කනස්සල්ල සහ ව්‍යාකූලත්වය” ඇති කිරීම සම්බන්ධයෙන් පබ් සහ බාර් 200 ක හිමිකරු වන Australian Venue Co සමාගම සමාව ඉල්ලා ඇත. 

 

මෙම සැමරුම් අවලංගු කිරීමෙන් පාරිභෝගිකයින්ට, අනුග්‍රාහකයින්ට සහ කාර්ය මණ්ඩලයට දුකක් සහ රිදවීමක් ඇති කරන නිසා ඔවුන් මෙම තීරණය වෙනස් කරන බව සමාගම ප්‍රකාශ කළේය.

 

මෙම  සිදු කරන ලද ප්‍රකාශයෙන් කිසියම් වරදක් සිදුවූවානම් ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන අතර ජාතික දිනය පිළිබඳ විවිධ අදහස් පිළිගනිමින් ප්‍රජාව පෝෂණය කිරීමට සමාගමේ කැපවීම අවධාරණය කළේය. 

 

මෙම පියවර ඕස්ට්‍රේලියානු සමාජය තුළ මතභේදයක් ඇති කළ අතර විශේෂයෙන් ක්වීන්ස්ලන්තය තුළ මෙම සමාගමේ ජනප්‍රිය ස්ථාන රාශියක් පිහිටා තිබේ. 

 

Woolworths සහ Aldi වැනි ව්‍යාපාර මෙන්ම සමහර ප්‍රාදේශීය සභා සාම්ප්‍රදායික ඕස්ට්‍රේලියානු දින සැමරුම්වලින් ඈත් වීම සිදු වී ඇත.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025