ඕස්ට්‍රේලියාවට සුළි කුණාටු අනතුරු

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවට සුළි කුණාටු අනතුරු

මේ සතියේ ඕස්ට්‍රේලියානු සුළි කුණාටුවක් ඇතිවීමේ ඉහළ අවස්ථාවක්’ පිළිබඳ අනතුරු ඇඟවීමක්  සිදුකර තිබේ. ඕස්ට්‍රේලියාවේ north-west දෙසින් නිර්මාණය වන tropical low තත්ත්වය ඉදිරි දිනවලදී සුළි කුණාටුවක් ඇතිවීමේ  ඉහළ අවස්ථාවක් ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබේ.18U ලෙස නම් කර ඇති පද්ධතිය, X හි BoM කළ සටහනකට අනුව, අද ප්‍රමාද වී හෝ හෙට දින සුළි කුණාටු තත්වයට  ළඟා වනු  ඇති බවට  පුරෝකථනය කර ඇත.බටහිර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ Broome ඇතුළු Cape Leveque  සිට Wallal Downs දක්වා නිවර්තන සුළි සුළං නිරීක්ෂණ අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වේ.වෙරළට ඔබ්බෙන් වූ දූපත්  සඳහා ද අනතුරු ඇඟවීම සිදුකර තිබේ.ඉදිරි පැය 12 සිට 36 දක්වා කාලය තුළ එම ප්‍රදේශයේ සුළි සුළං වර්ධනයක්  වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.අඟහරුවාදා හෝ බදාදා  සති අගභාගයේදී  සුළි සුළං ප්‍රබලතාවයට ළඟා විය හැකි බව කාර්යාංශය අනතුරු අගවා තිබේ.ප්‍රාන්තයේ උතුරේ Kimberly හි මෙන්ම Pilbara  කලාපයේ ජල පෝෂක ප්‍රදේශ සඳහා ගංවතුර නිරීක්ෂණ අනතුරු ඇඟවීමක් ද  ක්‍රියාත්මක වේ.“භයානක කාලගුණය සඳහා සූදානම් ව සිටිය යුතු බව WA ගිනි නිවන හා හදිසි සේවා දෙපාර්තමේන්තුව අද උදෑසන ෆේස්බුක් සටහනක සඳහන් කර තිබේ.එමෙන්ම තම වාහන, බෝට්ටු, ගෑස් සහ අනෙකුත් ද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමට බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025