ඕස්ට්‍රේලියාවේ දී සොරකම් කළ වටිනා කාසි තොගයක් පොලිස් භාරයට

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ දී සොරකම් කළ වටිනා කාසි තොගයක් පොලිස් භාරයට

ඕස්ට්‍රේලියාවේ දී සොරකම් කරන ලද කාසි 40,000 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර මෙම කාසි ජනප්‍රිය ළමා රූපවාහිනී කාටූන් වැඩසටහනක් වන බ්ලූයි හි රූප ඇතුලත් කළ මෙම කාසි සීමිත ලෙස නිකුත් කිරීමට නියමිතව තිබුනි.

ඕස්ට්‍රේලියානු මින්ට් සමාගම නිපදවූ මෙම කාසි 63,000 ක් සංසරණය වීමටත් මාස දෙකකට පෙර බටහිර සිඩ්නි හි ගබඩාවකින් සොරකම් කරනු ලැබුවේ පසුගිය ජූලි මාසයේදීයි.ගබඩා මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 10ක දුරින් පිහිටි නිවසකදී මෙම කාසි 40,061ක් සොයා ගෙන තිබේ.

මීට සම්බන්ධ 27 හැවිරිදි ක්‍රිස්ටිනා වේල් නමැති අයෙකු අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර ඇත.

එම එක් කාසියක වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 1 ක් වන අතර සොරකම් කිරීමෙන් පසු 10 ගුණයක මිලකට ඒවා අන්තර්ජාලය හරහා අලෙවි කර ඇති බවට හෙළි වී ඇත.

Don't forget to share this post!

Recent Posts

IMG_8338
July 1, 2025