ලංකාවේ රසට හදපු Black Crab Curry රස බලන්න හොඳම තැන

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවේ රසට හදපු Black Crab Curry රස බලන්න හොඳම තැන

Sydney නගරය තුළ සැබෑම ශ්‍රී ලාංකික රසයක් ලබාදෙන විචිත්‍රවත් අවන්හලක් ගැන තමයි මේ කියන්න හදන්නේ. Darlinghurst වල තියන Lankan Filling Station එකට ගියොත් ඔබට සැබෑම ශ්‍රී ලාංකික ආහාර වේලක් රස විඳින්න පුළුවන්. ලාංකික කුළුබඩු වලින් රසවත් කළ ව්‍යංජන සහ දේශීය සහලේ බත් වල සිට විවිධ බීම වර්ග කේක් වර්ග ආදී සාම්ප්‍රදායික කෑම රාශියක් මෙහිදී රස විඳින්න අවස්ථාව තියෙනවා. උණුසුම් හා ආකර්ෂණීය ගෘහ අලංකරණ සමගම ඔබට සුපුරුදු කුළුබඩු සුවඳ මෙහි එන ඔබට වෙනස්ම අත්දැකීමක් එක් කරාවි. 

ඔයා ශ්‍රී ලාංකික ආහාර ලෝලියෙකු නොවුනත් Lankan Filling Station එන ඔබට රස විඳින්න ශ්‍රී ලාංකික ආහාර කලාවට ආදරය කර ඒ පිලිබඳ අධ්‍යයනය කළ O Tama Carey, විවිධ ආහාර වර්ග රාශියක්ම පිළියෙළ කර තිබෙනවා.

Lankan Filling Station හි ආහාර වර්ග අතරින් Crab Curry Menu එක විශේෂයි. ශ්‍රී ලංකාවේ black curries කිව්වම කොහොමත් ලෝකේ පුරා බොහෝ දෙනාගේ මතකයේ රැඳුණු රසයක්. ඉතින් මේ රස විදගන්න හොඳම තැනක් තමයි Lankan Filling Station කියන්නේ. මේ menu එකෙන් මේ විශේෂ Black Crab Curry එකත් එක්ක ලාංකික ආහාර වේලක නැතුවම බැරි පරිප්පු, මැල්ලුම්, පපඩම්, සහ සම්බෝල, ශ්‍රී ලාංකික දේශීය සහලේ බතුත් සමග ඔයාට රස විදින්න පුළුවන්. මීට අමතරව තව Devilled Nuts, අච්චාරු, කොස් cutlets සහ ශ්‍රී ලාංකික කැවිලි වර්ගත් රස බලන්න ලැබෙනවා.

ඒ වගේම මුරුක්කු වර්ග, කජු curry, මාළු, Kangaroo tail black curry, රයිතා, පොල් සම්බෝල, කට්ට සම්බෝල, සීනි සම්බෝල ඇතුළු විවිධ සම්බෝල වර්ග, වැනි ශ්‍රී ලාංකික රස රැසක් සමග ඉඳි ආප්ප, පාන්, රොටි, දේශීය සහලේ බත් ආදිය රස බලන්නත් පුළුවන්. 

ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකීය රස සිහි කරන කිරි ටොෆි ආදී විවිධ කැවිලි වර්ග වගේම Love Cake, Spiced Kithul Cake, Spiced Chocolate Mousse Cake වැනි කේක් වර්ග ද රස බලන්න පුළුවන්. පුරුදු රස සහිත ලාංකික කෑම රස බලන්න මේක හොඳම තැනක් වේවි. Vegan, Vegetarian, සහ Gluten-free වශයෙන් ඔයා කැමති විදිහට ආහාර තෝරාගන්නත් අවස්ථාව තියනවා.

ලාංකික රසට කැමති අයට වගේම, ලාංකික ආහාර රස බැලීමට කැමැත්තෙන් ඉන්න ඔබේ ආදරණීයන්ට තෑගී කරන්න ඔයාට Lankan Filling Station වෙතින් $100 සිට Gift Cards මිලදී ගන්නත් පුළුවන්. ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු සහිත පොත් වගේම ලාංකික කුළුබඩුත් ඔයාට Lankan Filling Station වෙතින් මිලදී ගන්න අවස්ථාව තියනවා. ඉතින් මේ රස මගහැර ගන්නේ නැතුව ඔයත් Darlinghurst වල තියන Lankan Filling Station එකට එන්න.

වැඩි විස්තර දැන ගන්න සහ වෙන් කරවා ගැනීම් සඳහා පිවිසෙන්න: https://www.lankanfillingstation.com.au/ 

Location: Ground Floor, 58 Riley Street, Darlinghurst 2010

Tel: (02) 8542 9936

Don't forget to share this post!

Recent Posts

IMG_8338
July 1, 2025