ඕස්ට්‍රේලියාවේ Woolworths වෘත්තීය සමිතිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනියි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ Woolworths වෘත්තීය සමිතිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනියි.

කාර්මික ක්‍රියාමාර්ගය නිසා මෙහෙයුම්වලට දැඩි ලෙස බාධා කරන බවත් කේවල් කිරීමේ ක්‍රියාවලියට පීඩනයක් එල්ල කරන බවත් පවසමින් Woolworths සිය බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් පිටත වෘත්තීය සමිති විරෝධතාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.  

එක්සත් කම්කරු සංගමය (UWU) විසින් මෙහෙයවන ලද බෙදාහැරීමේ මධ්‍යස්ථාන හතරක වෘත්තීය සමිති උද්ඝෝෂණ හේතුවෙන් දළ වශයෙන් භාණ්ඩ පෙට්ටි මිලියන දෙකක් ප්‍රවාහනය කරගැනීමට නොහැකිව ඇති බව සුපිරි වෙළඳසැල් දැවැන්තයාගේ නීතීඥයන් සාධාරණ වැඩ කොමිසමට පැවසීය. 

Woolworths තර්ක කළේ නොවැම්බර් 21 වන දින ආරම්භ වූ අඛණ්ඩ උද්ඝෝෂණ හේතුවෙන්, වෘත්තීය සමිති නොවන සේවකයින්ට සහ වාහනවලට, මධ්‍යස්ථානවලට ඇතුළු වීම වළක්වන බවත්, ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් වෙළඳසැල් වැසීමට හේතු වන බවත්ය.සමාගම විසින් තම බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පිවිසීම සදහා ආරක්ෂිත බව සහතික කරන ලෙසත්, උද්ඝෝෂණවල පවතින බාධාකාරී ස්වභාවය නැවැත්වීමටත් නියෝග ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති ආරවුල විසඳීම සඳහා සාධාරණ එකඟතාවයක් පිළිබදව සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස Woolworths ඉල්ලා සිටී. ඔවුන්ගෙන් 1,500කට වැඩි පිරිසක් දින නියමයක් නොමැතිව රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති අතර, වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි ඉල්ලා සිටිති.හටගෙන ඇති මෙම ආරවුල නිසා දැනටමත් Woolworths හි විකුණුම් වලින් ඩොලර් මිලියන 50 ක අලාභයකට තුඩු දී ඇත.එමෙන්ම ප්‍රාන්ත කිහිපයකම ජනතාවද මෙනිසා අපහසුතාවයට පත්ව සිටී.

සාධාරණ වැඩ කොමිසමේ විභාගය දිගටම පවත්වන අතර (UWU) විසින් සිකුරාදා(06) සිය ප්‍රතිචාරය ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් සිටී.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025