ඕස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයක

  • Home
  • /
  • Sports
  • /
  • ඕස්ට්‍රේලියාව ප්‍රබල තත්ත්වයක

ශ්‍රී ලංකාව හා ස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී ඊයේ (29) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර නතරකිරීමට සිදුවිය.කෙසේ නමුත් ඒ වනවිටත් ප්‍රබල තත්ත්වයක ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.කඩුල්ලේ රැඳී සිටින උස්මාන් කවජා ලකුණු 147ක් හා නායක ස්ටීවන් ස්මිත් ලකුණු 104ක් රැස්කරගෙන සිටියි.ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 195ක සබඳතාවක් ගොඩනගාගෙන සිටින අතර, එය ඔස්ට්‍රේලියානු පිතිකරු යුගලයක් තෙවන කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වෙයි.මීට පෙර එම වාර්තාව ස්මිත් හා මානස් ලැබුෂේන් සතුව තිබූ අතර, ඔවුන් දෙදෙනා 2022 වසරේ ගාල්ලේ පැවති තරගයකදී ලකුණු 134ක සබඳතාවක් පවත්වා තිබුණි.එමෙන්ම අද තරගයේදී ස්ටීවන් ස්මිත් රැස්කළ ශතකය ඔහු ආසියානු තණතීරුවක නායකයෙකු ලෙස රැස්කළ 5වන ශතකය ලෙසින් වාර්තා අතරට එක්විය.ඒ අනුව ඔහු සංචාරක කණ්ඩායම නායකයෙකු ලෙස ආසියානු තණතීරුවක වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා අද ඉහළට පැමිණියේය.ස්මිත් අභිබවා ගියේ බ.ඉ. කොදෙව් හිටපු නායක ක්ලයිව් ලොයිඩ් ශතක 4ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවයි

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025