ඕස්ට්‍රේලියාව පුරා QR Code මගින් ගෙවීම් සිදුකිරීමට සැරසෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාව පුරා QR Code මගින් ගෙවීම් සිදුකිරීමට සැරසෙයි.

Chemist Warehouse QR code මගින් ගෙවීම් හඳුන්වා දීමට සූදානම් වන අතර, QR කේතයක් scan කිරීමෙන් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් කෙලින්ම ගෙවීමට ඉඩ සලසයි.මෙම නව ගෙවීම් ක්‍රමය, 2025 මුල් භාගයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, සම්ප්‍රදායික කාඩ්පත් සැකසුම් ගාස්තු හා සම්බන්ධ මෙහෙයුම් වියදම් අඩු කිරීම මෙහි අරමුණු වේ.

මුදල් ගෙවීම් පහත වැටීම සහ කාඩ්පත් භාවිතය ඉහළ යාමත් සමඟ, Chemist Warehouse මගින් පිරිවැය ඉතිරි කිරීමේ පියවරක් ලෙස QR කේත භාවිතා කරයි. මෙම මාරුව Visa සහ Mastercard වැනි අතරමැදියන් මගහැර කාඩ්පත් අධිභාර මත වාර්ෂිකව ඩොලර් මිලියන 15ක් පමණ ඉතිරි කර ගැනීමට සිල්ලර වෙළෙන්දාට උපකාර වන බව මූල්‍ය විශේෂඥ ආචාර්ය My Nguyen සඳහන් කළේය. 

මීට අමතරව QR code, සම්මත ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්වලට සාපේක්ෂව වංචා අවදානම් අවම කළ හැකි වැඩිදියුණු කළ ආරක්‍ෂක විශේෂාංග ඉදිරිපත් කිරීම ද මෙහි ඇති විශේෂ අංගයක් වේ.

කෙසේ වෙතත්, මෙහි අවාසි ද ඇති අතර QR කේත ගෙවීම් අන්තර්ජාල සම්බන්ධතාව මත රඳා පවතින අතර, එය අන්තර්ජාල පහසුකම් අවම ග්‍රාමීය ප්‍රදේශවලදී ගැටලුකාරී විය හැක.එනිසා පාරිභෝගිකයින් මෙම නව ගෙවීමේ ක්‍රමය අනුගමනය කිරීමට පසුබට විය හැකිය.

Muji, Vodafone සහ Coles වැනි අනෙකුත් ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන් දැනටමත් QR code මගින් ගෙවීම් සිදුකිරීමට හැකියාව ලබා දී ඇත.මෙම ගෙවීම් ක්‍රමය ගෝලීය වශයෙන්, විශේෂයෙන්ම අග්නිදිග ආසියාව සහ ඉන්දියාව වැනි කලාපවල ප්‍රචලිත වන බැවින්, ඕස්ට්‍රේලියාවේ එය අනුගමනය කිරීම හරහා තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

Flag_of_Australia_(converted).svg
February 14, 2025