කලාවට ළබැඳි සිත් සනසන Melbourne Blockbuster Events

  • Home
  • /
  • Blog
  • /
  • කලාවට ළබැඳි සිත් සනසන Melbourne Blockbuster Events

Lightscape

මෙල්බ‍ර්න් රාජකීය උද්‍යානය ආලෝකවත් කරමින් පැවැත්වෙන Lightscape ජුනි 14 වනදායින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එය අගෝස්තු මස 4 වනදා තෙක් ශීත සෘතුව පුරාවටම අත්විඳීමට අවස්ථාව සලසා ඇත. මිලියන භාගයකට ආසන්න විදුලි පහන් මඟින් වර්ණවත් වන උද්භිද උද්‍යානයට පිවිසීම සඳහා Birdwood මාවතෙහි Observatory පිවිසුම හෝ Alexandra පිවිසුම භාවිතා කළ හැක. පවුලේ සියලු දෙනාද සමඟින් ආලෝකමත් ගස් වියන් යටින් දිදුලන උමං හරහා ගමන් කරන ඔබට ඡායාරූපයන් තුළ සිරගත කර ගැනිමට මතකයන් ගොන්නක් පොඳි බැඳ ගැනීමට හැකිය. 

Leonardo Da Vinci

ඩිජිටල් displays සහිත වර්ග මීටර් 3,000 ක පමණ පරාසයක පැතිර ඇති  The LUME හි නවතම ප්‍රදර්ශනාගාරයට පැමිණ Leonardo Da Vinci සිතුවම් ගවේෂණය කිරීම සඳහා ජුනි 16 වන තෙක් අවස්ථාව සලසා දී ඇත.  Australia හි ප්‍රථම වතාවට ලියනාඩෝ ඩා වින්චි විසින්ම ලියන ලද Codex Atlanticus හි මුල් චිත්‍ර සහ ලේඛන ඇතුළත් ලියනාඩෝගේ ලෝකය තුළට පිවිසීමට ඔබ සියලු දෙනාහටම ලැබී ඇති මෙම අවස්ථාව මඟ හැර ගන්න නම් එපා. සජීව හැඟීම් නිරූපණයට සමත් බිම් මට්ටමේ සිට සිවිලිම තෙක්ම පැතිරුණු අතිවිශාල සිතුවම් වලින් සමන්විත මෙම කලාගරය තුළ ලියනාඩෝගේ කේත පිටුවලින් ඉතාලි ශිල්පීන් විසින් ජීවමාන කරන ලද මොනාලිසා හි එකම 360º අනුරුව ඇතුළත් වීම විශේෂත්වයකි.

BBC Earth Experience

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විසින් කරනු ලබන පැහැදිලි කිරීම් ව්ලින් සමන්විත BBC Studios Seven Worlds සහ One Planet වෙතින් අසමසම පරිමාණයෙන් ගෙන එන විශ්මයජනක දර්ශන ඇතුළත් මෙම ප්‍රදර්ශනාගාරය අප්‍රේල් මස 28 වනදා වන තෙක් පැවැත් වේ. මෙල්බර්න් වලටම සුවිශේෂී ප්‍රදර්ශනයක් වන මෙ තුළින් උතුරු ඇමරිකාවේ දර්ශනීය ආලෝක සංදර්ශනයක් පවත්වන fireflies ලගේ සිට, ආසියාවේ උණුසුම්ව සිටීමට එකට ගැවසෙන නාසය ඇති වඳුරන්, ඕස්ට්‍රේලියාවේ තම කුඩා පැටවුන් ආරක්ෂා කරන කැසෝවරි පියවරුන් දක්වා, අපගේ මහාද්වීප හත ඔවුන්ගේ තේජසින්, වෙන කවරදාටත් වඩා අත්විඳිය හැකිය. 

Rising

RISING යනු Naarm/Melbourne හි පැවත්වෙන කලාව සහ සංගීතය පිළිබඳ උත්සවයකි. Melbourne හි මූලාරම්භය සනිටුහන් කරන RISING යනු වාර්ෂික උත්සවයක් වන අතර එය නගර වීදි, රථගාල්, පල්ලි, නගර චතුරශ්‍රය සහ ආදරණීය ස්ථාන කරා විහිදේ. නගරයට ආවේණික කලබලකාරී ස්වරූපයෙන් අත් මිදී කාලානුරූපීව නිර්භීත අදහස් ගෙන එන අභිලාෂකාමී කලාකරුවන් හා ආත්මීයව සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා ලැබෙන්නා වූ අනගි අවස්ථාවක් වන මෙය ජුනි 1 වනදා සිට 16 වනදා තෙක් පැවැත් වේ.

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024