ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්ත දායකත්වයක් සපයන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය

  • Home
  • /
  • Sports
  • /
  • ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්ත දායකත්වයක් සපයන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය

1853 දී ඉදිකරන ලද MCG යනු සාමාන්‍ය ක්‍රීඩාංගනයක් නොවේ.විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන මෙම ක්‍රීඩාංගනය 1859 සිට ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාවේ නිවහන වූ අතර 1877 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපන් ස්ථානය වේ.

1956 ගිම්හාන ඔලිම්පික්, 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා මෙන්ම 1992 සහ 2015 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා ප්‍රධාන ක්‍රීඩාංගනය ලෙස ද MCG ක්‍රීඩාංගනය යොදාගැනුනි.

Melburnians සඳහා ‘The G’ ලෙස ආදරයෙන් හඳුන්වන මෙම ක්‍රීඩාංගනයේ ආසන ධාරිතාව 100,024ක් වන අතර එය දකුණු අර්ධගෝලයේ විශාලතම ක්‍රීඩාංගනය වේ.

වාර්ෂික AFL Grand Final සහ Boxing Day ටෙස්ට් ක්‍රිකට් තරඟයට සත්කාරකත්වය සපයන මෙම ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කොලෝසියම ලෙස හැදින්විය හැකිවේ.

මෙම ක්‍රීඩාංගනය නැරඹීම සදහා MCG තරග තිබෙන දින හැර, දිනපතා උදේ 10 සිට සවස 3 දක්වා නැරඹීමට හැකියාව ලැබේ.නත්තල් දිනය, Melbourne Cup Day  සහ මහ සිකුරාදා හැර අනෙකුත් සියලුම තරඟ නොවන දිනවල සංචාරයන් ලබා ගත හැකිවේ.

Don't forget to share this post!

Recent Posts

10
December 2, 2024