චාල්ස් රජුට විරෝධය එල්ල කළ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික Lidia Thorpe

  • Home
  • /
  • News
  • /
  • චාල්ස් රජුට විරෝධය එල්ල කළ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභික Lidia Thorpe

තුන්වන චාල්ස් රජුගේ කතාව අතරතුර ඔහුට දැඩි ලෙස විරෝධය දැක්වීමෙන් පසු සෙනෙට් සභික Lidia Thorpe පාර්ලිමේන්තු මන්දිරයේ මහා ශාලාවෙන් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. රජු කතා කරන විට Lidia Thorpe කෝප වී කලබලයක් ඇති කල අතර එහිදී “ඔබ අපේ රජ නොවේ” සහ “අපේ ඉඩම අපට ආපසු දෙන්න” යනුවෙන් කෑගසමින් ආදිවාසී අයිතීන් සහ ගිවිසුමක් පිළිගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඇය එහිදී හඬ නගන ලදී.ඇයගේ මෙම  හැසිරීමට හේතුව වූයේ බ්‍රිතාන්‍යයන් විසින් සොරකම් කළ ඉඩම් සහ සංස්කෘතික උරුමයන් යනාදිය නැවත ලබා නොදීමයි.ඇය ඒවා නැවත ඕස්ට්‍රේලියාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

 

මෙම කලබලකාරී තත්ත්වය නොතකා, ආරක්‍ෂක අංශ මැදිහත් වීමට පෙළඹ වූ අතර සිද්ධියෙන් පසු ශාස්ත්‍රීය සංගීතය නැවත ආරම්භ වන විට අගමැති ඇන්තනි ඇල්බනීස් සහ චාල්ස් රජු සිනහවෙමින් සංවාදයේ යෙදී සිටිනු දක්නට ලැබිණි. ඇය ඉවත් කිරීමෙන් පසුව ද තෝර්ප් පිටත ඇගේ විරෝධතාව දිගටම කරගෙන ගිය අතර  පළමු ජාතීන්ට සාමය සහ සාධාරණය ඇති වන තෙක් විරෝධය දැක්වීමට ඇය තවදුරටත් කැපවී සිටින බව මෙම සිදුවීමත් සමග තහවුරු වේ.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025