චීනයට එරෙහි ඇමෙරිකාවේ තීරු බද්ද 145%ක් වෙයි.

  • Home
  • /
  • News
  • /
  • චීනයට එරෙහි ඇමෙරිකාවේ තීරු බද්ද 145%ක් වෙයි.

ඇමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%ක් බව ධවල මන්දිරය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙර නිවේදනය කළ චීනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා පැන වූ 125%ක බද්ද සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔවුන් මේ බව අනාවරණය කර ඇත.

එහි දැක්වෙන පරිදි ට්‍රම්ප් ඊයේ ප්‍රකාශයට පත්කර ඇත්තේ, චීනය සම්බන්ධයෙන් එතෙක් පැවති 20%ක බදු ප්‍රතිශතය නොමැති අගයයි.

ඒ අනුව චීනය සම්බන්ධයෙන් ඇමෙරිකාව අනුගමනය කරන නවතම බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ යන බව ධවල මන්දිරය තහවුරු කර ඇත.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025