චීනයේ විවාහ ලියාපදිංචි කිරීම් වාර්තාගත අයුරින් පහළ වැටී ඇති බව වාර්තා වේ. ගෙවුණු වසරේදී චීනයේ විවාහ ලියාපදිංචි කිරීම් වසර 2023ට වඩා 29.5%කින් පහත වැටී ඇති බව එරට සිවිල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ දත්ත සංඛ්‍යාලේඛන වලට අනුව තහවුරු වී තිබේ. එවැනි අවම මට්ටමේ විවාහ ලියාපදිංචියක් මීට පෙර සිදුවී ඇත්තේ 70 දශකයේ අගභාගයේදී බවත් වාර්තා වේ.
මෙවැනි තත්වයකට චීනය මුහුණ දෙමින් සිටින පසුබිමක උතුරු චීනයේ ෂැංෂි ප්‍රාන්තයේ ලුලියැං පළාතේ නගර බලධාරීන් අවුරුදු 35ට අඩු වයසේ පසුවන තරුණියන් පළමු වරට විවාහ වීමේදී යුවෑන් 1,500ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇති අතර, පළමු දරු උපතට යුවෑන් 2,000ක් ද, දෙවැනි දරු උපතට යුවෑන් 5,000ක් ද තුන්වැනි දරු උපතට යුවෑන් 8,000ක් ද පිරිනමන බව වාර්තා වේ.