චීනය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

  • Home
  • /
  • News
  • /
  • චීනය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

ඒ සමගින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර, මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ද බව වාර්තා වේ.

චීන ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් වන Pan Jianwei, Zhu Xiaobo සහ Peng Chengzhi විසින් සංවර්ධනය කරන ලද මෙම Zuchongzhi 3.0 පද්ධතිය, ලොව බලවත්ම සුපිරි පරිගණකයට ද වඩා ට්‍රිලියන දහසක (quadrillion) ගුණයකින් වේගවත් ය. 

එමෙන්ම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රකට Nature සඟරාවේ Google හි නවතම ප්‍රතිඵලවලට ද වඩා මිලියනයක ගුණයක වේගයකින් ක්වොන්ටම් අහඹු පරිපථ සාම්පල සැකසීමේ කාර්යය ද මෙම නව පද්ධතිය හරහා සිදු කිරීමේ හැකියාව තිබේ. 

අති නවීන කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලබන නව සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක මිණුම් ලකුණක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025