ට්‍රම්ප් පරිපාලනය විවේචනය කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ දකුණු අප්‍රිකානු තානාපති Ibrahim Rasool රටින් නෙරපා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට ඇමෙරිකාවෙන් පිටවීමට පැය 72ක කාලයක් ලබාදී ඇතැයි ද වාර්තා වේ. දකුණු අප්‍රිකානු තානාපතිවරයා තවදුරටත් ඇමෙරිකාවට අවශ්‍ය නැති බව එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio සඳහන් කර ඇති අතර, දකුණු අප්‍රිකානු තානාපතිවරයා ඇමෙරිකාවට සහ ජනාධිපතිවරයාට වෛර කරන දේශපාලනඥයකු බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දකුණු අප්‍රිකානු තානාපතිවරයා ඇමෙරිකාවෙන් නෙරපා හැරීම නිල වශයෙන් සිදුවී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ද තහවුරු කර ඇතැයි වාර්තා වේ.