තාත්තේ

දගකාරකම් කරපු පොඩිකාලේ එක්දිනක 

කෑගසා ඇඩෙනතුරු ගුටි කෑවෙ රිදෙන්නම 

රිදුනාද සොයන්නට ඔබම ගැසු ඒ පහර 

තුරුල් කර ආදරෙන් තාත්තේ ඇසුවෙ ඔබ

 

පනවමින් නීති රීතිත් නිතර අප වෙතට 

හොද නරක පහදමින් කල වරද හදන්නට 

ගත් වෙහෙස ඒ දවස වදයක් වුනත් අපට 

අද තාම හෙවනැල්ල ඒ දුන්න පන්නරය

 

තනිව වැඩ කරගන්න එදා සිට හුරු කලා 

මිනිස්කම රැකගන්න ආදර්ශයක් වුනා 

දිරිය සවියක් කියා දිවියෙන්ම දිස්වුනා 

අනේ අද හිටියනම් සතුටුවෙයි අප බලා

 

එකින් එක ඔබ දුටුව හීන පන පොවන්නට 

පියෙන් පිය පිය මනින මොහොතක 

වැටෙන පියවර යලි යලිත් ඔසවන්න 

ඔබෙන් දුන් පන්නරය විතරමයි මගෙ සවිය

 

ඔබට ඔබ අමතකව අපට සැදු මාවතේ 

පහසුවෙන් යන අතර කෘත ගුනයි හදවතේ 

ඉක්මනින් ගියත් ඔබ ජීවිතෙන් තාත්තේ 

මතකයන් අලුත්වෙයි මියෙනකම් ජීවිතේ

 

අචනි කොඩිප්පිලි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025