තායිවානයේ ගුවන් සීමාවට චීන ප්‍රහාරක ගුවන්යානා අනවසරයෙන් ඇතුළු වේ.

  • Home
  • /
  • News
  • /
  • තායිවානයේ ගුවන් සීමාවට චීන ප්‍රහාරක ගුවන්යානා අනවසරයෙන් ඇතුළු වේ.

තායිවානයේ ගුවන් සීමාවට චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 45ක් අනවසරයෙන් ඇතුළු වූ බවට තායිවානය චෝදනා එල්ල කර ඇති බව සඳහන් ය. තායිවාන මුහුදු සීමාවේදී චීන ප්‍රහාරක ගුවන්යානා 45ක් සහ යුද නැව් 14ක් නිරීක්ෂණය  වූ බවට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන අතර පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වැනිදායින් පසු මේ දක්වා තායිවාන ගුවන් සහ මුහුදු සීමාව උල්ලංඝනය කළ විශාලතම චීන හමුදා ගුවන් යානා සහ යුද නෞකා ප්‍රමාණය මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තායිවාන මුහුදු සීමාවට චීන ගුවන්යානා සහ නෞකා අනවසරයෙන් ඇතුළුවීම දැඩි ලෙස හෙළා දකින බවට තායිවාන ජනාධිපති කාර්යාල නිවේදනයක් ද නිකුත් කර ඇති බවත්, චීන ක්‍රියාකාරකම් සම්බන්ධව අවධානය යොමු කරන ලෙස එම නිවේදනය මඟින් තායිවානය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර  සිය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලැබුවද තායිවානය ස්වයං පාලන රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටින බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025