දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානයක් බෝම්බ හෙළා හත් දෙනෙකුට තුවාල

  • Home
  • /
  • News
  • /
  • දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානයක් බෝම්බ හෙළා හත් දෙනෙකුට තුවාල

දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානයක්  බෝම්බ හෙළා ඇති අතර, ප්‍රහාරයෙන් හත් දෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

අද දින පුහුණුවීම් අතරතුර දකුණු කොරියානු ප්‍රහාරක ජෙට් යානයක් අහම්බෙන් බෝම්බ අටක් සිවිල් ප්‍රදේශයකට හෙළා ඇති අතර, හත් දෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

KF-16 ප්‍රහාරක ජෙට් යානයෙන් නිකුත් කරන ලද MK-82 බෝම්බ “අසාමාන්‍ය ලෙස” වෙඩි තැබීමේ පරාසයකින් පිටත වැටී ඇති අතර එමඟින් සිවිල් හානි සිදු වූ බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ගුවන් හමුදා ප්‍රකාශයේ අනතුර සිදු වූ ස්ථානය සඳහන් කර නොමැති අතර නමුත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ එය උතුරු කොරියාවේ දේශසීමාවට ආසන්න නගරයක් වන Pocheon හි සිදු වූ බවයි.

Yonghap ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන පරිදි  සිවිල් වැසියන් පස් දෙනෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල නමුත් ජීවිතයට තර්ජනයක් නොවන බව Yonghap ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම ගොඩනැගිලි හතකට හානි සිදුවී ඇති බව ද එහි සඳහන් විය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025