දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක්

  • Home
  • /
  • News
  • /
  • දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ  හිටපු නායක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

ඒ දේශීය තුන්දින තරගාවලියේ තරගයක් අතරතුර ලීග් තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඩුබායි බලා පිටත්ව යාම හේතුවෙනි.

තුන්දින ක්‍රිකට් තරගාවලියේ SSC ක්‍රීඩා සමාජය දරුණු පසුබෑමට ලක්ව සිටි අතර ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  පැවති ජාත්‍යන්තර ලීග් 20-20 තරගාවලියට සහභාගි වි සිටි එම ක්‍රීඩා සමාජයේ දසුන් ශානක ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකු යළි ලංකාවට  ගෙන්වීමට ක්‍රීඩා සමාජය පියවර ගෙන තිබේ. 

එලෙස පැමිණි දසුන් ශානක ජනවාරි 31වැනිදා මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ආරම්භවූ තරගයේදී  SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 123ක් රැස් කිරීමට සමත් වුණ  අතර  එදිනම ඩුබායි බලා පිටත්ව ගිය දසුන් රාත්‍රියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරගයකට එක්වුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දසුන්ට එරෙහිව පසුගියදා විනය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, ඒ අනුව දසුන්ට අමෙරිකානු ඩොලර් දසදහසක  දඩයක් පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ක්‍රීඩා සමාජයේ ඉල්ලීමකට අනුව දිවයිනට පැමිණි දසුන් යළි ඩුබායි බලා පිටත්ව ගියේ SSC ක්‍රීඩා සමාජයේ කලමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025