ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර වායු තත්ත්ව දර්ශකයේ අගය තුන්සිය තිස්හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අඛණ්ඩව හතරවන දිනටත් දිල්ලි නගරයේ වායු දූෂණය තවදුරටත් ඉහළ යමින් පවතී.මේ වන විට නගරයේ වායු ගුණාත්මක තත්ත්වය දුර්වල තත්ත්වයේ සිට ඉතා දුර්වල තත්ත්වය දක්වා පහත වැටී ඇති බවට කාලගුණ අංශ සඳහන් කරයි.
ඉදිරි දින කිහිපයේදී මෙම තත්ත්වය තවදුරටත් අහිතකර මට්ටමකට ළඟා වනු ඇති බවත්, ශීත කාලය උදාවීමත් සමග දැනට පවත්නා දුමාරය තවදුරටත් පැතිර යා හැකි බවටත් කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
මේ අතර දිල්ලි නගරයේ ජලයේ දූෂිත මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ගංගාවන් සුදු පැහැති පෙණ කැටිතිවලින් වැසී ගොස් ඇති ආකාරයක් ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.