නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ දී අදාළ දුම්වැටි තොගය තීරුබදු නොගෙවා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1.2ක් වන බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී එම දුම්වැටි තොගය විනාශ කර ඇති අතර 2024, 2022 සහ 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් එම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කර තිබේ.