ප්‍රංශ පාපන්දු ක්‍රීඩක ඔලිවියර් ගිරූඩ්ගේ නිවෙස බිඳ අමෙරිකානු ඩොලර් 500,000ක ආභරණ සොරාගෙන ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ගිරූඩ් මේ වන විට ලොස් ඇන්ජලීස් පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් සිටින බැවින් ඔහු අමෙරිකාවේ පදිංචිව සිටින අතර, එහිදී මේ සොරකම සිදුව ඇති බව වාර්තා වේ. නිවසට ඇතුළු වූ සොරුන් ඛෝපභෝගී ඔරලෝසු 10ක් සහ තවත් බොහෝ දේ සොරකම් කර ඇති අතර, මෙම සොරකම සිදුවන අවස්ථාවේ ගිරූඩ් සහ ඔහුගේ පවුලේ අය නිවසින් පිටත සිට ඇති බව සඳහන් ය.
ගිරූඩ්ගේ බිරිඳ නිවසට පැමිණි විට භාණ්ඩ අතුරුදහන් වී ඇති බව දැක ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කොට තිබේ.
දකුණු අමෙරිකාව තුළ පසුගිය කාලය පුරාවට මෙවනි සිදුවීම් වාර්තා වූ අතර, මේ කාලය පුරාවට ක්‍රීඩක ක්රීඩිකාවන් නව දෙනෙකුගේ නිවාස සොරකම් කිරීමට දකුණු අමෙරිකාවේ සංවිධානාත්මක සොරකම් කණ්ඩායම් වගකිව යුතු බව අමෙරිකානු බුද්ධි අංශ මේ වසර මුලදී නිවේදනයක් ද නිකුත් කර තිබේ.