පෘතුවියේ වනාන්තර අධ්‍යයනයට චන්ද්‍රිකාවක් මෙහෙයුමක

  • Home
  • /
  • News
  • /
  • පෘතුවියේ වනාන්තර අධ්‍යයනයට චන්ද්‍රිකාවක් මෙහෙයුමක

පෘතුවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් Biomass නම් චන්ද්‍රිකාව අද දිනයේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙවැනි වර්ගයේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සිදුකරනු ලබන්නේ ද පළමුවරටයි. පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් හයසිය හැට හයක් ඉහළින් කක්ෂගත කරනු ලබන Biomass චන්ද්‍රිකාවේ ඇති මීටර් 12ක විශ්කම්භයෙන් යුත් ඇන්ටනාව හරහා පෘථිවියේ වනාන්තර සිතියම්ගත කිරීම සිදුකරනු ලබනවා. මෙමගින් ශාක කොපමණ උසකට පවතිද මෙන්ම වනාතර ඝණත්වය වැනි දත්ත එක්රැස් කර ගැනීම ද සිදුවනවා. මේවන තෙක් පෘතුවියේ වැසි වනාන්තරවල ඇති ට්‍රිලියන 1.5ක් වන ශාක මගින් ගබඩා කරගෙන ඇති කාබන් ප්‍රමාණය ගණනය කිරීමටද නොහැකිව තිබෙනවා. කෙසේ වෙතත් Biomass චන්ද්‍රිකාව හරහා විද්‍යාඥයින්ට දේශගුණික විපර්යාසයන් වඩාත් නිවැරදිව ආදර්ශනය කිරීමටද හැකි අතර වන විනාශයේ අනුපාතය පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025