බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි.

  • Home
  • /
  • Sports
  • /
  • බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන ඇත්තේ, ඔහුට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මොහු මේ වනවිට සිය පවුලේ සාමාජකයින් සමඟ ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ද පසුගිය දා පළමු වරට චෝදනා එල්ල වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025