භූතයන් එලවන බව කියමින් Melbourne කාන්තාවන් රවටන කණ්ඩායමක් ගැන හෙළිදරව්වක්

  • Home
  • /
  • News
  • /
  • භූතයන් එලවන බව කියමින් Melbourne කාන්තාවන් රවටන කණ්ඩායමක් ගැන හෙළිදරව්වක්

මෙල්බර්න්,Box Hillහි වයෝවෘද්ධ කාන්තාවන් රවටමින් භයානක ආත්මයන් දුරු කරන බවට පවසමින් ඩොලර් 150,000කට වඩා වැඩි මුදලක් වංචා කර ඇති බවට වාර්තා වේ. වික්ටෝරියා පොලිසියට අනුව, වංචාකරුවන් වීදිවල සිටින කාන්තාවන් වෙත පැමිණ, ආත්මයක් ඔවුන් පසුපස එන බවත්, ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අනතුරක් වන බවත් පවසමින් භූතයන් දුරු කිරීමට උදව් කිරීමට වංචාකරුවන් ඉදිරිපත් වන අතර මුදල් සහ ස්වර්ණාභරණ බෑගයක් පුරවා ගන්නා ලෙස කාන්තාවන්ට උපදෙස් දීම සිදු කරයි.

පසුව ඔවුන් බෑගය උඩින් යාඥා කරමින් සිට වින්දිතයින්ට ටික වේලාවක් බෑගය දෙස නොබලන ලෙසට වංචාකරුවන් කියනු ලැබේ.අවසානයේ දී ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබූ භාණ්ඩ සහ මුදල් සොරකම් කර ඇති බව අනාවරණය විය.නොවැම්බර් 26 වැනි දින පෙ.ව.10 ට සහ දෙසැම්බර් 4 වැනි දින පෙ.ව. 9:45 ට සහ පස්වරු 1:55 ට Box Hillහි පිහිටි දුම්රිය ස්ථානයේ මෙම සිදුවීම් සිදු විය. වික්ටෝරියා පොලිසිය මෙම සිදුවීම් විමර්ශනය කරමින් සිටින අතර,මෙම සිදුවීම් තුන හරහා ඩොලර් 150,000කට වඩා වැඩි අලාභයක් සිදු වී ඇත.

මෙම වංචාව සදහා සම්බන්ධ යැයි විශ්වාස කරන කාන්තාවන් තිදෙනෙකුගේ සහ පිරිමින් දෙදෙනෙකුගේ ඡායාරූප  නිකුත් කර ඇති අතර, 1800 333 000 අංකයෙන් අපරාධ නතර කරන්නන් සම්බන්ධ කර ගන්නා ලෙස හෝ www.crimestoppersvic.com.auහි ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන ලෙස බලධාරීන් තොරතුරු දන්නා ඕනෑම අයෙකුගෙන් ඉල්ලා සිටියි.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025