මධ්‍යම දුම්රිය ස්ථානයේ ප්‍රමාදය නිසා Sydney නගරයේ මගී ජනතාව පීඩාවට පත්වේ.

  • Home
  • /
  • News
  • /
  • මධ්‍යම දුම්රිය ස්ථානයේ ප්‍රමාදය නිසා Sydney නගරයේ මගී ජනතාව පීඩාවට පත්වේ.

මධ්‍යම දුම්රිය ස්ථානයේ ප්‍රමාදය නිසා Sydney මගී ජනතාව පීඩාවට පත්වේ.

 

මධ්‍යම දුම්රිය ස්ථානයේ හදිසි මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් සඳුදා (09) උදෑසන Sydney මගීන් දැඩි ප්‍රමාදයකට මුහුණ දුන්හ.ඉරිතලා ඇති රේල් පීල්ලක් හේතුවෙන් T1 උතුරු වෙරළේ සහ බටහිර මාර්ගයේ සැලකිය යුතු බාධා ඇති විය.ඇතැම් මගීන් පැයක් දක්වා ප්‍රමාදයකට මුහුණ දුන්හ.අළුත්වැඩියා කණ්ඩායම් පෙරවරු 11:40 වන විට අළුත්වැඩියා කිරීම් අවසන් කළ නමුත් ප්‍රවාහන ප්‍රමාදය දිගටම බලපායි.

ජනතාවට අමතර ගමන් කාලය ලබා දෙන ලෙසත් නිවේදන පිළිබද අවධානයෙන් සිටීමට සහ විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් සලකා බලන ලෙසත් මගීන්ට උපදෙස් දී ඇත.Wynyard සහ Hornsby අතර මෙන්ම Berowra සහ North Sydney අතර ෂටල් දුම්රිය ක්‍රියාත්මක වේ.විකල්ප වශයෙන් මෙට්‍රෝ දුම්රිය සහ බස් රථ ද තිබෙන බවට ජනතාව දැනුවත් කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

https___vms-network-images-prod.s3-ap-southeast-2.amazonaws.com_2025_03_682061_pickerimage
March 25, 2025