යාගී සුළි කුණාටුවෙන් මියන්මාරය කැළඹෙයි.

  • Home
  • /
  • News
  • /
  • යාගී සුළි කුණාටුවෙන් මියන්මාරය කැළඹෙයි.

යාගී සුළි කුණාටුව නිසා මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි නිසා ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වැසියන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.

යාගී සුළි කුණාටුව චීනය, පිලිපීනය සහ වියට්නාමය පසු කරමින් මියන්මාරයට කඩා වැදුණු අතර මියන්මාරයට කඩා වැදීමට පෙර යාගී සුළි කුණාටුව ජීවිත 287 ක් බිලිගත්තේය.වැඩිම මරණ වාර්තා වූයේ වියට්නාමයෙනි.

සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 200 කට වඩා වැඩි වේගයකින් මියන්මාරය තුළට කඩා වැදුණු අතර අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වූ මියන්මාර වැසියන් 3,20,000 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව පැවැසෙයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට මියන්මාරයේ 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 64 දෙනකු අතුරුදන් බවත්ය.

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025