යුක්රේනයට සාම සාධක හමුදා යැවීමේ යෝජනා සඳහා ඕස්ට්‍රේලියාව සූදානම් බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවසයි.
ඉල්ලීමක් කළහොත් යුක්රේනය සඳහා සාම සාධක ඕස්ට්‍රේලියානු හමුදා යැවීම ගැන සලකා බලන බව ඇන්තනි ඇල්බනීස් පැවසීය. එමෙන්ම යුක්රේනය උදව් ඉල්ලා සිටියහොත් ඕස්ට්‍රේලියාව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට සහාය වීමට සූදානම් බව අගමැති අද මාධ්‍යයට පවසා තිබේ.
එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “යුක්රේනය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය ඉතා පැහැදිලි බවත් අපි යුක්රේනයේ ජනතාව සමඟ සිටින අතර අපි ජනාධිපති සෙලෙන්ස්කි සමඟ සිටිමු,” යනුවෙන් අගමැති සිඩ්නි හි පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
රුසියාව විසින් අවුලුවා ඇති වසර තුනක යුද්ධයෙන් පසු යුක්රේනයේ සාමය යථා තත්ත්වයට පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අගමැති පැවසීය.
නමුත් ඇල්බනීස් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් උදව් ඉල්ලා සිටීමට තවමත් සෙලෙන්ස්කිගෙන් ඉල්ලීමක් කර නොමැති බවයි. ඉල්ලීමක් කරහොත් යුක්රේනයට අවශ්‍ය උදවු ලබා දීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.